AFC Banner
Empty Ad
Empty Ad

සහරාන්ගේ වාහනය දැන් තියෙන්නේ සරත් වීරසේකර ළඟද..? – පාර්ලිමේන්තුව උණුසුම් කළ හරීන්ගේ ප්‍රකාශය

පාර්ලිමේන්තුව අමතමින් හරීන් ප්‍රනාන්දු හිටපු මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකරට චෝදනාවක් සිදුකළා. ඒ සරත් වීරසේකර මන්ත්‍රීවරයා මේ වනවිටත් භාවිත කරන්නේ සහරාන්ගේ වාහනයක් බවයි.

ගරු කථානායකතුමනි, පුංචි අවදානයක් යොමු කරන්න කැමතියි. සරත් වීරසේකර ඇමතිවරයත් මෙතන ඉන්න එක හොදයි. ලංකාවේ ප්‍රධාන මාධ්‍යවේදියෙක් වන රංග ශ්‍රීලාල් සටහනක් දාලා තියෙනවා වාහනයක පින්තූරකයක් සමග.

සහරාන්ගේ වාහනය සරත් වීරසේකර ඇමතිවරයා පාවිච්චි කරනවා කියලා මෙහි සඳහන්ව තිබෙනවා.මේ ගැන ඔබතුමාම උත්තරයක් දෙන එක හොඳයි.

හිටපු මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකරඅද උදේ මට ඕක ආරංචිය ආවම මම මහජන ආරක්ෂක ලේකම් වරයගෙන් ඇහුවා. එතකොට කිව්වා මේක රාජසන්තක වාහනයක්. පොලිසිය විසින් මේක විශේෂ කාර්ය බලකායට අනියුක්ත කරලා තියෙනවා. මම පාවිච්චි කරන්නේ නෑ.. මේක විශේෂකාර්ය බලකාය පාවිච්චි කරන්නේ.

.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විමසා සිටියේ නඩු භාණ්ඩයක් තිබිය යුතු වාහනයක් අමාත්‍යාංශයක් යටතට පත්විය යුත්තේ කෙසේ ද යන්නයි.

RANGA
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?