AFC Banner
AFC Banner
Empty Ad

සහරාන් ගේ බිරිඳ කට අරියි….

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය විසින් සිදු කරන විමර්ශනවලට අදාලව දැනට රක්ෂිත බන්ධානාගර ගත කර සිටින සහරාන් හෂිම්ගේ බිරිඳගෙන් ප්‍රකාශ ලබා ගැනිම අද සිට ආරම්භ වෙයි.

විශේෂ විමර්ශන ඒකකය ඊයේ අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඉදිරි විමර්ශන කටයුතු සදහා සහරාන් හෂිම්ගේ බිරිඳගෙන් ලබන 25 වනදා දක්වා ප්‍රකාශ ලබා ගැනිමට අවසර දෙන ලෙසය.

ඒ අනුව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය ඒ සදහා අවසර ලබාදී තිබේ.

වැලිකඩ බන්ධනාගාරයට ගොස් අදාල ප්‍රකාශ ලබාගැනිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙන ලෙස වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට ද අධිකරණය නියෝග කර ඇති බව සඳහන් වෙයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වාර්තාවක් මාර්තු මස 04 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි වීරතුංග මහත්මිය නියෝග කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?