සහන මළු ලක්ෂයක් දිවයින පුරා..

සුපිරි සම්බා සහල් කිලෝ 10ක් ඇතුළුව අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20කින් සමන්විත භාණ්ඩ මල්ලක් රු.3998/=කට ලංකා සතොසෙන්…

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කරන ලදී.

ඒ අනුව, සුපිරි සම්බා කිලෝ 10ක්, සුදු සීනි කිලෝවක්, රතු පරිප්පු කිලෝවක්, ඉඳිආප්ප පිටි කිලෝවක් , හාල්මැස්සන් ග්‍රෑම් 500ක්, නූඩ්ල්ස් ග්‍රෑම් 400ක්, මේස ලුණු ග්‍රෑම් 400ක්, පොල්ගෙඩි 2ක කිරි (මිලිලීටර් 330ක පැකට්ටුවක්), මිරිස් කුඩු ග්‍රෑම් 100ක්, ගම්මිරිස් කුඩු ග්‍රෑම් 100ක්, තුනපහ කුඩු ග්‍රෑම් 100ක්, කහකුඩු ග්‍රෑම් 100ක්, STC තේකොළ ග්‍රෑම් 100ක්, ඇඟ ගල්වන සුවඳ සබන් ග්‍රෑම් 80 කැටයක්, සතොස සඳුන් සබන් කැටයක්, දෑත් සෝදන දියර මිලිලීටර් 100ක්, සෝයාමීට් ග්‍රෑම් 90ක්, සතොස TFM අගය සහිත රෙදි සෝදන සබන් කැටයක්, පපඩම් පැකට් 1ක්, ශල්‍ය මුහුණු ආවරණ 10ක් ඇතුළත් මෙම භාණ්ඩ මල්ල රු.3998/=කට පාරිභෝගිකයා වෙත ලබා දීමට ලංකා සතොස අළෙවිසැල් හරහා අද සිට පහසුකම් සලසා ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

වෙළෙඳපොල සමීක්ෂණයකට අනුව, අනෙකුත් සුපිරි වෙළෙඳසැල් ජාල වලින් මෙම භාණ්ඩ වර්ග 20 මේ ප්‍රමාණයන්ගෙන්ම ලබා ගන්නා විට රු.6521/=, රු.5834/=, රු.5771/= ක් වශයෙන් ගෙවීමට සිදු වූ බවත්, මෙම භාණ්ඩ මල්ල රු.3998/=ක මුදලකට පාරිභෝගිකයා විසින් ලබා ගන්නා විට අවම වශයෙන් රු.1750/=ක වාසියක් ලැබිය හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදී.

ලංකා සතොස අළෙවිසැල් නොමැති ප්‍රදේශ වල ජනතාවට ක්ෂණික ඇමතුම් අංක 1998 ඇමතීමෙන් මෙම භාණ්ඩ මල්ල නිවසටම ගෙන්වා ගත හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරන ලදී.

එමෙන්ම නවීන තාක්ෂණය යටතේ දේශීය ව්‍යවසායකයෙකු විසින් සකස් කර අපනයනය කරනු ලබන දියර පොල් කිරි පැකැට්ටුවක් ද මෙම සහන මල්ලට ඇතුළත් කිරීමට හැකියාව ලද බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, ඒ අනුව ලංකා සතොස අළෙවිසැල් ජාලය හරහාපොල්ගෙඩි දෙකක කිරි (මිලිලීටර් 330ක පැකට්ටුවක්)රු.150/=ක සහනමිලට පාරිභෝගිකයා වෙත නිකුත් කෙරෙන බව ද සඳහන් කරන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?