AFC Banner
Empty Ad
Empty Ad

සරුංගලයෙන් අහසට ඇදී ගිය මනෝහරන් කියූ දේ

පුද්ගලයෙකු විශාල සරුංගලයක් සමග අඩි 40ක් පමණ අහසට ඇදීගිය අහඹු සිදුවීමක් යාපනය, පේදුරුතුඩුව, පුලෝලි ප්‍රදේශයෙන් වාර්තා වුණා. ප්‍රදේශවාසීන් පැවසුවේ විශාල සරුංගලයක් උඩ යැවීමට පිරිසක් උත්සහ කිරීමේ දී අදාල අහඹුව සිදුව ඇති බවයි.

සරුංගලය ඉහළ යැවීමේ දී එම පුද්ගලයා සරුංගලයේ ලණුව අතහැර නොමැති අතර, එනිසා එලෙස ඉහළට ඇදීගොස් ඇති බවත්, අනතුරුව සංරුංගලය පහළට පැමිණීමේ දී පොළොවේ සිට අඩි 15ක පමණ උසක දී ඔහු බිමට පැන ඇති බවත් ප්‍රදේශවාසීහු පැවසූවේ.

සරුංගලය ඉහළ යවන්නට යොදාගත් ලණුව ඝනකම්, ශක්තිමත් ලණුවක්වීම හේතුවෙන්, අදාල පුද්ගලයා එලෙස ලණුව නොකැඩී ඉහළ යන්නට ඇති බව විශ්වාස කෙරේ.

සරුංගලයේ ලණුව අතහැර බිමට වැටුණු අවස්ථාවේ ඔහුට සුළු තුවාල සිදුව ඇති නමුත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව ද ප්‍රදේශවාසීහු සඳහන් කර සිටියේ.

සිදුවීම සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසියෙන් විමසූ අවස්ථාවේ ඔවුන් විසින් ද සිදුවීම තහවුරු කර සිටියා.

සිද්ධියට මුහුණදුන් විසිහත් හැවිරිදි නඩරාසා මනෝහරන් සිය අත්දැකීම මෙලෙස බෙදා ගනු ලැබුවා.

“මම සරුංගල් අරින්න නිතරම යන්නේ නෑ. මම කඩේක වැඩ කරන්නේ. එදා නිවාඩු දවසක් නිසා මම තරුණ කට්ටියක් එක්ක සරුංගල් අරින්න ගියා. සරුංගල් අරින්න තරුණ කට්ටිය 30ක් විතර එකතුවෙලා හිටියා.”

“අපි ලොකු සරුංගලයක් ලණු කැරලි එකතු කරලා හදපු කඹේකින් ඉහළ යවන්න තමයි සූදානම් වුණේ. සරුංගලේ ලණුවේ මැද හරියට වෙන්න තමයි මම හිටියේ. සරුංගලේ උඩ යවන්න අපි ගොඩාක් උත්සහ කළා. ඒ වේලාවේ සරුංගලේ උඩ ගියා. සරුංගලේ අඩි 50ක් විතර උඩ යනකාට සරුංගලේ ලණුවේ මුල හිටපු අය ලණුව අතෑරියා. මම සරුංගලේ ලණුව මැද අල්ලගෙන හිටපු නිසා තව ටිකක් සරුංගලේ උඩ ගියාට පස්සේ තමයි ලණුව අතාරින්න හිටියේ.”

“ඒත් එක්කම සරුංගලේ එක පාරටම උඩ ගියා. මට හිතාගන්න බැරි වුණා මොකද කරන්නේ කියලා. බිම හිටපු අය කිව්වා ලණුව අතාරින්න එපා කියලා. මම අඩි 100ක් 120ක් විතර උඩ හිටියේ කියලා මට දැණුනා. මට කිසි දෙයක් හිතාගන්න බැරිවුණා. සිහි නැතිවෙලා වගේ දැණුනා.”

“මම අහසේ ඉන්නකොට හිතුණා දෙයියෝ මාව බේරගනියි කියලා. මගේ විශ්වාසය අනුව දෙයියෝ මාව බේරගත්තා. උඩ ඉන්නකොට දෙපාරක්, තුන්පාරක් විතර හයියෙන් හුළං හැමුවා. මම ලණුව අතහැරියේ නෑ. බිම බැලුවෙත් නෑ. බිම බැලුවානම් බයටම මගේ අත අතෑරෙන්න තිබ්බා. ඒත් මම බිම බැලුවේ නෑ. ඒත් ලණුව ටිකක් පාත් වෙනකොටම ලණුව අල්ලගෙන ඉන්න බැරි තත්ත්වයක් තිබුණේ. ඒ හින්දා මම ලණුව අතෑරියා. බිමට වැටෙනකොට මට පොඩි තුවාලයක් වුණා. ඊට පස්සේ ඒකට බෙහෙත් ගත්තා. ඒ අත්දැකීම මතක් වෙනකොටත් හිතට බයක් දැනෙනවා,” මනෝහරන් අප හා ප්‍රකාශ කළේ ය.

පුලෝලි ප්‍රදේශවාසීන් පවසන්නේ සරුංගලයක එල්ලි පුද්ගලයෙකු ඉහළ ගිය සිදුවීමක් මෙරටින් වාර්තා වුණ පළමු අවස්ථාව මෙය විය හැකිබව යි. මේ සරුංගලය අඩි පහළොවක් පමණ උස, අඩි අටක් පමණ පළල එකක්.

සෑම වසරකම යාපනය වැල්වැටිතුරෙයි වෙරළ ප්‍රදේශයේ දී සරුංගල් වසන්තයක් පැවැත්වීමට උතුරු පළාතේ තරුණ ප්‍රජාව කටයුතු කරයි.

හින්දු ජනතාවගේ සංස්කෘතික මංගල්ලයක් වන තෛපොංගල් සැමරීම සිදුවන කාලය තුළ අදාල සරුංගල් වසන්තය සෑම වසරක දීම පැවැත්වීම යාපනයේ සාම්ප්‍රදාය යි.

(උපුටා ගැනීම : BBC සිංහල වෙබ් අඩවියෙන්)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?