සරසවි සිහිනය සැබෑ වෙනතුරු බලා සිටිනා ඔවුන්

සරසවියට පිය නගින ඕනෑම විද්‍යාර්ථයෙකුගේ සිහිනය වන්නේ තමන්ගේ උපාධිය ලබාගැනිමෙන් දෙමාපියන් ආඩම්බරයට , සතුටට පත් කිරීමයි.

නමුත් පසුගිය කාලය පුරාවටම පැවති කොවිඩ් තත්වයන් මත කැලණි විද්‍යාර්ථයින්ගේ “උපාධි ප්‍රධානෝත්සවය” දිනෙන් දින පස්සට විසි වුණා..

නමුත් මතක් කරන්න ඕනේ , ඒ කාලය පුරාවටම රට පුරා හරි අපූරුවට විවිධාකාරයෙන් “විසූක දස්සනයන්” නම් පැවතුනා.

දැන් හරියටම වසර දෙකකට ආසන්න කාලය ඔවුන් බලන් ඉන්නවා තමන්ගේ උපාධි ලෝගුව පැලදගෙන , තමන්ගේ දුප්පත් අම්මා තාත්තා එක්ක සරසවියේ අනේක විද දුක් කම්කටොලු විද ලබපු ඒ ජය සමරන්න…

නමුත් තවමත් අත්තනෝමතික තීරණ ගන්නා කැළනි සරසවි පාලනය ඔවුන්ගෙන් එම හීනය උදුරා ගනිමින් ඉන්නවා.උපාධි ප්‍රධානෝත්සවයක් නොතබා සහතික පත තැපෑලෙන් එවීමට ඔවුන් මේ වන විට රුපියල් 3500.00 ක මුදලක් පවා එක් රැස් කරමින් සිටිනවා.

මේ සටහනට ආසන්නත හේතුව වුණේ “කොළඹ සරසවිය” සංවිධානය කරලා තිබුන උපාධි ප්‍රධානෝත්සවය දිහා බලන් සුසුම් හෙලපු දරුවන්ගේ දුක් අදෝනාවන්.

මේ අවසන් සටහන “කැළණි සරසවියට”
හෙට අනිද්දට රටේ “වැක්සින් කරපු අයට” ක්‍රිකට් මැච් බලන්න එන්න කියනවා. රටේ “චන්ද” තියනවා.”හයි වේ” ඕපන් කරනවා.හැබැයි ඒ කිසි දේකින් බෝ නොවෙන් වයිරසය “කැළණි සරසවියේ උපාධී ලෝගුවෙන්” පැතිරෙනවලු…
අවසානයට අහන්න තියෙන්නේ මෙච්චරයි ,
කාටද බන් මේ බොරු කරන්නේ ?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10