සයිනොපෙක් ඉන්ධන මිලත් සංශෝධනය කෙරේ

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

එම මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 5.00 කින් ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එහි නව මිල සටහන් වන්නේ රුපියල් 368ක් ලෙසටයි.

එමෙන්ම ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 5.00කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 360ක්.

සයිනොපෙක් සමාගම විසින් වෙළඳපොළට නිකුත් කරනු ලබන ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 8.00කින් පහළ දමා තිබෙනවා.

ඊට අමතරව සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 7.00කින් පහළ දමා ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව එහි නව මිල රුපියල් 468ක් ලෙස දැක්වෙනවා.

මේ අතර රජය විසින් ද ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කළා.

එම මිල සංශෝධනයට සමානව ලංකා අයි.ඕ.සී සමාගමත් සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට කටයුතු කර තිබුණා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් නිකුත් කරන ඉන්ධනවල මිල සංශෝධනය පහත දැක්වෙනවා.

WhatsApp Image 2024 01 31 at 9.30.33 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
3
+1
3
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?