අසීරු මොහොතේ ඉන්දියාවෙන් ලැබෙන සහාය ජනපති අනුර කෘතවේදීව අගයයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා හදුනාගෙන නැවත ගොඩනැඟීමේ හදිසි අවශ්‍යතාව මත තවදුරටත් සහාය ලබා දීමට ඉන්දියාව කැප වී සිටින බවත්, ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 450ක සහන පැකේජයක් ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරන බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ප්‍රකාශ කළා.

එයින් ඩොලර් මිලියන 100ක් ඉන්දීය ආධාර වන අතර ඉතිරිය පහසු පොලී අනුපාතිකයක් මත ලබාදෙන ණය මුදලක් වනු ඇති.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත්වනු ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ප්‍රමුඛ ඉන්දීය රජය විශ්වාස කරන බව පැවසූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ සමඟ ඉන්දියාව අන් කවරදාටත් වඩා ශක්තිමත්ව අත්වැල් බැඳගෙන සිටින බවද ප්‍රකාශ කළා.

මෙරටට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුව අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වූ අතර එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කරන ලද විශේෂ ලිපියද මෙහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත භාර දුන්නා.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සහන සැලසීමට පළමුවෙන්ම එක්වෙමින් ජනතාව මුදා ගැනීමේ, සහන සැලසීමේ සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය දැක් වූ හෘදයාංගම සහයෝගය මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක කෘතවේදීව අගය කළා.

ජනතාව මුදා ගැනීමේ කටයුතු සඳහා අවශ්‍ය හෙලිකොප්ටර් යානා සහ ඖෂධ, අහාර ඇතුළු මානූෂිය ආධාර සපයමින්ද, විනාශ වූ මාර්ග ප්‍රතිසංස්කරණය, මහිංයගණය රෝහල ඇතුළු රෝහල් පද්ධතිය යථාවත් කිරීම ආදී යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය වෙනුවෙන්ද ඉන්දීය රජය දැක් වූ සුවිශේෂී සහාය ජනාධිපතිවරයා කෘතවේදීව සිහිපත් කර සිටියා.

එමෙන්ම අසීරු සෑම අවස්ථාවකම ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහාය සිහිපත් කළ ජනාධිපතිවරයා, ආපදාවෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ ක්‍රියාන්විතය වෙනුවෙන් දිගු කළ සහෝදරත්වයේ හස්තය ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරනු ඇති බව සඳහන් කළා.

මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව සමග ශක්තිමත්ව රැඳී සිටිමින් ශ්‍රී ලංකාවට යළි ගොඩනැඟීම සඳහා ලබා දිය හැකි සියලු සහාය ලබා දීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තමා වෙත උපදෙස් ලබා දුන් බවත්, එම කටයුතු පිළිබඳ සොයා බැලීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස තමා ශ්‍රී ලංකාවේ සංචාරයකට එක් වූ බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැවසුවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර නිල හමුවෙන් අනතුරුව දෙරටේ දූත පිරිස අතර සාකච්ඡා ආරම්භ කෙරුණු අතර දෙරට අතර සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳ එහිදී විශේෂ අවධානය යොමු කෙරුණා.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නඟාසිටුවීමට අඛණ්ඩ සහාය ලබා දෙන බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කළා.

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන සහන පැකේජය සංකේතවත් කරමින් කිලිනොච්චිය ඒ-35 මාර්ගයේ බේලි පාලම විවෘත කිරීමද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා – ඉන්දීය විදේශ අමාත්‍යවරුන්ගේ අතින් මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදුවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14