ශ්‍රී පාද වන්දනාවේ යන අයට පොලිතීන් රැගෙන යාමට තහංචි රැසක්

සෑම වසරකම දෙසැම්බර් මාසයේ ආරම්භ වී මාස 06 ක කාලයක් පවතින ශ්‍රී පාද වන්දනා සමයේ දී ශ්‍රී පාදාස්ථානය වන්දනා කිරීම සඳහා පැමිණෙන වන්දනාකරුවන් සහ අනෙකුත් පුද්ගලයින් විසින් බැහැර කරනු ලබන දිරන සහ නොදිරන අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රදේශය තුළ එක්රැස් වීම් සිදුවන අතර ශ්‍රී පාද අඩවිය වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත මඟින් ආවරණය වන අධි සංවේදී කලාපයක් ද වනවා.

එම ප්‍රදේශය තුළ කසල කළමනාකරණය කාලීන අවශ්‍යතාවයක්ව බවත්, ඒ අනුව, ශ්‍රී පාද වන්දනා සමය තුළ එකී ප්‍රදේශයේ පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීම උදෙසා 2025 වසරේ සිට පරිසර අමාත්‍යාංශය විසින් පහත සඳහන් පියවර අනුගමනය කරන ලබන බව පරිසර අමාත්‍යතවරයා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඇති අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ද හිමිවූ බව කැබිනට් තීරණ දැනුම්දීමේ මධ්ය් හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසා සිටියා.

ඒ අනුව පොලිතින් අමුද්‍රව්‍යයක් ලෙස යොදා නිෂ්පාදිත ආහාර දවටන, අධි ඝනත්වයෙන් යුත් පොලිතීන් මඟින් නිෂ්පාදිත බහාලුම් (සිලිසිලි මලු), සැෂේ පැකට්, ප්‍රසාරිත සොලිස්ටයිරින්වලින් නිෂ්පාදිත තනි- භාවිත ආහාර බහාලුම්, තනි-භාවික බීම බට, කලතන, කනි -භාවිත පිඟන් කෝප්ප, හැඳි, ගෑරුප්පු සහ පිහි මෙම ප්‍රදේශය තුළ විකිණීම හෝ වන්දනාකරුවන් විසින් රැගෙන යාම සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා.

ලීටරයට අඩු තනි භාවිත ප්ලාස්ටික් ජල බෝතල් හා බිම බෝකල් රැගෙන යාම කර ඇති අතර පොලිතින් ආවරණ සහ ඇසුරුම් සහිත ආහාර පාන, ඖෂධ සහෝ අනෙකුත් බඩු භාණ්ඩ කිසිවක් පාරිසරික අධිසංවේදී කලාපය තුළ බැහැර කිරීම තහනම් කර කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.

එමෙන්ම පාරිසරික අධිසංවේදී කලාපය තුළ ඇති ව්‍යාපාරික ස්ථාන විසින් අලෙවි කරන ප්ලාස්ටික් ආවරණ සහිත ආහාර පාන හෝ වෙනත් වෙළෙඳ භාණ්ඩ අලෙවියෙන් පසු ජනනය වන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ වගකීම අදාළ වෙළෙඳසල් හිමියන් වෙත පැවරී තිබෙන අතර ජල උල්පත්, ජල මාර්ග අපවිත්‍ර කිරීම සහ එම ස්ථාන වලට පොලිතීන් හා ප්ලාස්ටිස් අපද්‍රව්‍ය බැහැර කිරීම තහනම් කර තිබෙනවා.

තව ද අලෙවිසල් ඉදිකිරීමේදී සහ පවත්වාගෙන යාමේදී ඒකරාශි වන පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසි ලෙස එකතු කර ශ්‍රී පාද අධි සංවේදී කලාපයෙන් බැහැරට ගෙනවිත් අදාළ නගර සභා හෝ ප්‍රාදේශීය සභා හරහා අවසන් බැහැර කිරීමේ වගකීම ඒ ඒ අලෙවිසල් හිමියන් වෙත පැවරී ඇති බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15