කෝල් ඔෆ් ඩියුටි, නිර්මාණකරු වින්ස් සැම්පෙල්ලා රිය අනතුරකින් මරුට

ලොව පුරා අතිශය ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩා මාලාවක් වන කෝල් ඔෆ් ඩියුටි හි, සම නිර්මාතෘ වින්ස් සැම්පෙල්ලා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කැලිෆෝනියාවේ සිදුවූ මෝටර් රථ අනතුරකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 55ක්.

පසුගිය ඉරිදා ඇන්ජලීස් හි අධිවේගී මාර්ගයකදී ෆෙරාරි රථයකින් ගමන් කරමින් සිටියදී එය අනතුරට පත්ව ගිනි ගැනීමකට ලව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී සැම්පෙල්ලා සමඟ මෝටර් රථයේ තවත් පුද්ගලයෙක් ගමන් කර ඇති අතර, එම පුද්ගලයා ද මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

වින්ස් සැම්පෙල්ලා 2003 වසරේ දී ඔහුගේ දිගුකාලීන සහයෝගිතාකරුවන් වන ජේසන් වෙස්ට් සහ ග්‍රාන්ට් කොලියර් සමඟ කෝල් ඔෆ් ඩියුටි වීඩියෝ ක්‍රීඩා මාලාව නිර්මාණය කළා.

දෙවන ලෝක යුද්ධයේ සිදුවීම් වලින් අර්ධ වශයෙන් ආභාෂය ලැබූ මෙම ක්‍රීඩාව පිටපත් මිලියන 500 කට වඩා අලෙවි වී ඇති අතර, මේ හා සම්බන්ධයෙන් නිර්මාණය කළ ක්‍රියාදාම චිත්‍රපටයක් ද ඉදිරියේ දී එළිදැක්වීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40