අර්චුනා අත්අඩංගුවට ගන්න වරෙන්තු

රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙකුට බලපෑම් කිරීම සම්බන්ධයෙන් විභාග වන නඩුව කැඳවූ අවස්ථාවේ එම නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (23) නියෝග කළා.