සමූපකාර රක්ෂණ සභාපති ඝාතන තැතේ රහස් රැසක් පොලිසිය අනාවරණය කරගනී

බත්තරමුල්ල සමූපකාර රක්ෂණ සමාගමේ සභාපතිවරයාට වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කර ඇත්තේ හිටපු සභාපතිවරයාගේ සහ ප්‍රධාන සැකකරුගේ මූල්‍ය දූෂණ අනාවරණය කිරීම නිසා බව මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

ඒ, සම්බන්ධයෙන් වූ නඩුව කොළඹ වාණිජ මහාධිකරණයේ විභාග වෙමින් පවතින බවයි පොලිස් විමර්ශනවල දී හෙළිව ඇත්තේ.

මේ අතර මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මාතර දිස්ත්‍රික් සමූපකාර මණ්ඩල සභාපති මෙන්ම සමූපකාර රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂකවරයකු ඇතුළු සැකකරුවන් සිව්දෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගොඩ පොලිසිය වෙත භාරදුන් බවයි බස්නාහිර පළාත් දකුණ දිසාව අපරාධ කොට්ඨාසය සඳහන් කළේ.

එම කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේ මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු මාතර නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු ද වන බවයි.

අනෙකුත් සැකකරුවන් අතර යුද හමුදාවෙන් සේවය හැර ගිය සෙබළෙක්, බස්රථ හිමි ව්‍යාපාරිකයෙක් සහ බස් කොන්දොස්තරවරයෙක් ද සිටින බවයි වාර්තා වන්නේ.

එම සැකකරුවන් සන්තකයේ තිබී චීනයේ නිෂ්පාදිත 9 දශම 3 වර්ගයේ ජීව උණ්ඩ දැමිය හැකි ගිනි අවියක්, මැගසින් එකක්, ජීව උණ්ඩ දෙකක්,  වෙඩි තැබීම සඳහා පැමිණි ත්‍රීරෝද රථය සහ යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඊට අමතරව ප්‍රධාන සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු අනුව ඔහුට බලපත්‍ර මත රජයෙන් ලබා දී තිබූ නයින් එම් එම් වර්ගයේ ගිනි අවිය සහ ඊට අදාළ මැගසින් සහ ජීව උණ්ඩ ප්‍රකාශයක් ලබාදී මීගොඩ පොලිසිය වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (11) අත්අඩංගුවට පත් මෙම සැකකරුවන් සිව්දෙනා අද (12) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර පැය 48ක කාලයක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි මීගොඩ පොලිසිය සඳහන් කළේ.

බත්තරමුල්ල සමූපකාර රක්ෂණ  සමාගමේ උප සභාපති ලෙස කටයුතු කළ මීගොඩ, වල්පිට තිසර උයන ප්‍රදේශයේ පදිංචි වත්මන් සභාපතිවරයාට පසුගිය 02 වනදා අභිනව සභාපති තනතුරේ වැඩ භාරගැනීම සඳහා නිවසේ සිට මෝටර් රථයෙන් යමින් සිටිය දී පා ගමනින් පැමිණි පුද්ගලයකු විසින් වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.

ඒ, සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී  බත්තරමුල්ල සමූපකාර රක්ෂණ සමාගමේ හිටපු සභාපතිවරයාගේ සමීපතමයකු වන මාතර දිස්ත්‍රික් සමූපකාර මණ්ඩල සභාපතිවරයා කළුතර වරකාගොඩ බස්රථ හිමි ව්‍යාපාරිකයෙකුට ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම අපරාධය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ, අනුව එම සැකකරු විසින් කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි හිටපු හමුදා සෙබළාට මෙම ඝාතනය කොන්ත්‍රාත්තුව පවරා ඒ සඳහා යතුරුපැදිය පැදවීමට හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ බස් කොන්දොස්තර රැකියාව කරන පුද්ගලයකු ද හඳුන්වා දී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඝාතන කොන්ත්‍රාත්තුව මොවුන්ට ලබා දී ඇත්තේ මීට මාස කීපයකට ඉහත දී බවත්, අවස්ථා කීපයකදීම වෙඩි තැබීම සඳහා නිවස ආසන්නයට පැමිණිය ද ඒ සෑම අවස්ථාවක්ම ව්‍යවර්ථ වී ගිය බව සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී තිබෙනවා.

ප්‍රධාන සැකකරු බස් රථ හිමි ව්‍යාපාරිකයා අමතා වැඩේ සිදුකිරීමෙන් අනතුරුව සතුටු විය හැකි ආකාරයෙන් මුදලක් ගෙවන බවට පවසා තිබූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

තමන් පෙළුණු මුල්‍ය අර්බුදයක් නිසාවෙන් මෙම ඝාතන කොන්ත්‍රාත්තුව භාරගත් බව බස්රථ හිමි ව්‍යාපාරිකයා පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

මේ අතර මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවන මාතර දිස්ත්‍රික් සමූපකාර මණ්ඩල සභාපතිවරයා විසින් ඝාතනය සඳහා වෙඩික්කරුට ලබාදුන් ගිනි අවිය ඔහුට ලද ආකාරය සහ එම ගිනි අවිය යොදාගෙන තවත් අපරාධ සිදුකර ඇත්ද යන්න පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වන බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
3
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58