සමාජ මාධ්‍ය භාවිත කරමින් සිදුකර වංචා සහ අපරාධවල වැඩිවීමක්

සමාජ මාධ්‍ය භාවිත කරමින් සිදුකරනු ලබන විවිධ වංචා සහ අපරාධ මෑත කාලයේ වැඩිවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා සර්ට් ආයතනය පවසනවා.

ඒ, අනුව විවිධ බැංකු ,වාණිජ ආයතන, අන්තර් ජාතික ආයතන නාමයන් භාවිත කරමින් පරිත්‍යාග, මුදල් තෑගි, දිනුම් වාසනා, රැකිරක්ෂා ලබාදීමට ලියාපදිංචිවන ලෙස දන්වමින් එවනු ලබන ව්‍යාජ පණිවුඩවළින් ප්‍රවේශම් වන ලෙසයි ශ්‍රී ලංකා සර්ට් ආයතනය ජනතාවට දැනුම් දෙන්නේ.

අනුකාරක වෙබ් අඩවි (Fake web),සමාජ මාධ්‍ය වේදිකාවන්, කෙටි පණිවුඩ (SMS) හරහා එවනු ලබන පණිවුඩ මඟින් මෙම සයිබර් ජාවාරම්කරුවන් ඔබ හා සම්බන්ධ වීමට උත්සාහා දරණු ඇති බවයි එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔවුන් විසින් ඔබගේ ජංගම දුරකථනයට හෝ සමාජ මාධ්‍ය ගිණුමට ලබාදෙන සබැඳි (links) වෙත පිවිසීමෙන් ඊට සම්බන්ධවන පුද්ගලයන්ගේ පරිගණක ,ජංගම දුරකථනවල ඇති දත්ත සොරගැනීම මෙන්ම මුදල් වංචාවන් ද සිදුකරන බවයි දැනුම් දෙන්නේ.

මෙවැනි අපරාධ මෑත කාලයේ වැඩිවෙමින් පවතින අතරම එම අපරාධවලට ගොදුරුවන්නන්ගේ ප්‍රමාණය ද වැඩිවෙමින් පවතින බව ශ්‍රී ලංකා සර්ට් ආයතනය පවසනවා.

එමෙන්ම විවිධ ජාතික හා ආගමික උත්සව මුල්කරගනිමින් මෙම වංචාකරුවන් කටයුතු කරනු දක්නට ලැබෙන බව සඳහන්.

සැක සහිත අන්තර්ජාල හා සමාජ මාධ්‍ය පණිවුඩ ලැබුණ හොත් ඒවාට පිවිසීමට පෙර අදාළ ආයතනවල නිල වෙබ් අඩවිවලට පිවිසීමෙන් හෝ නිල දුරකථන අංක ඔස්සේ හෝ කරුණු විමසා සහතික කරගන්නා ලෙසයි මහජනතාවට වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

එසේ සහතික කරගත නොහැකි පණිවුඩ විවෘත කිරීමෙන් වැළකී සිටන ලෙස හෝ නොසලකා හරින ලෙස ශ්‍රී ලංකා සර්ට් ආයතනය අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
0
+1
14
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?