සමාජ මාධ්‍ය භාවිත කරමින් සිදුකර වංචා සහ අපරාධවල වැඩිවීමක්

සමාජ මාධ්‍ය භාවිත කරමින් සිදුකරනු ලබන විවිධ වංචා සහ අපරාධ මෑත කාලයේ වැඩිවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා සර්ට් ආයතනය පවසනවා.

ඒ, අනුව විවිධ බැංකු ,වාණිජ ආයතන, අන්තර් ජාතික ආයතන නාමයන් භාවිත කරමින් පරිත්‍යාග, මුදල් තෑගි, දිනුම් වාසනා, රැකිරක්ෂා ලබාදීමට ලියාපදිංචිවන ලෙස දන්වමින් එවනු ලබන ව්‍යාජ පණිවුඩවළින් ප්‍රවේශම් වන ලෙසයි ශ්‍රී ලංකා සර්ට් ආයතනය ජනතාවට දැනුම් දෙන්නේ.

අනුකාරක වෙබ් අඩවි (Fake web),සමාජ මාධ්‍ය වේදිකාවන්, කෙටි පණිවුඩ (SMS) හරහා එවනු ලබන පණිවුඩ මඟින් මෙම සයිබර් ජාවාරම්කරුවන් ඔබ හා සම්බන්ධ වීමට උත්සාහා දරණු ඇති බවයි එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔවුන් විසින් ඔබගේ ජංගම දුරකථනයට හෝ සමාජ මාධ්‍ය ගිණුමට ලබාදෙන සබැඳි (links) වෙත පිවිසීමෙන් ඊට සම්බන්ධවන පුද්ගලයන්ගේ පරිගණක ,ජංගම දුරකථනවල ඇති දත්ත සොරගැනීම මෙන්ම මුදල් වංචාවන් ද සිදුකරන බවයි දැනුම් දෙන්නේ.

මෙවැනි අපරාධ මෑත කාලයේ වැඩිවෙමින් පවතින අතරම එම අපරාධවලට ගොදුරුවන්නන්ගේ ප්‍රමාණය ද වැඩිවෙමින් පවතින බව ශ්‍රී ලංකා සර්ට් ආයතනය පවසනවා.

එමෙන්ම විවිධ ජාතික හා ආගමික උත්සව මුල්කරගනිමින් මෙම වංචාකරුවන් කටයුතු කරනු දක්නට ලැබෙන බව සඳහන්.

සැක සහිත අන්තර්ජාල හා සමාජ මාධ්‍ය පණිවුඩ ලැබුණ හොත් ඒවාට පිවිසීමට පෙර අදාළ ආයතනවල නිල වෙබ් අඩවිවලට පිවිසීමෙන් හෝ නිල දුරකථන අංක ඔස්සේ හෝ කරුණු විමසා සහතික කරගන්නා ලෙසයි මහජනතාවට වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

එසේ සහතික කරගත නොහැකි පණිවුඩ විවෘත කිරීමෙන් වැළකී සිටන ලෙස හෝ නොසලකා හරින ලෙස ශ්‍රී ලංකා සර්ට් ආයතනය අවධාරණය කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38