සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන කඩිනම් ණය ක්‍රමයන්ට රැවටෙන්න එපා – පොලිසිය කියයි

සමාජ මාධ්‍ය මඟින් ලබා දෙන කඩිනම් ණය වංචාවක් පිළිබද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් අද (11) පැවති මාධ්‍ය හමුවේදී හෙළිදරව්වක් සිදුකරනු ලැබුවා.

“මෙම දිනවල ණය පහසුම්කම් ලබාදෙන බවට පවසා දුරකථන සහ සමාජ මාධ්‍ය හරහා ක්ෂණිකවූත් පහසු වූත් ණය පහසුකම් ලබාදිය හැකි බව සමාජයේ පැතිරෙනවා.එම ණය පහසුකම් කඩිනමින් ලබා ගැනීම සඳහා අපේ මහජනතාව උනන්දු වෙලා තියෙනවා.මේ වන විට පැමිණිලි 100කට වැඩි ප්‍රමාණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ වගේම එම අදාළ පොලිස් ස්ථානවලට ලැබිලා තියෙනවා.ඒ අනුව අපි මහජනතාවට කියන්නේ ඔබට හදිසිවූත් ණයක් ලබා ගැනීම සඳහා ඔබ හඳුනන් නැති whatsapp අංකයකින් හෝ අංකයකින් ඔබ‍ට සම්බන්ධ වන්නේ නම් ඔබ එය ප්‍රතික්ෂේප කළ යුතුයි. ඔබ ණයක් ගන්නේ නම් ලියාපදිංචි මූල්‍ය ආයතනයක් සම්බන්ධ කර ගනිමින් එම අවස්ථාව කරගන්න. මේවන විට එම ආයතන මඟින් රුපියල් 20,000ක ණයක් ලබා දී එම නයට සමගාමිව සති දෙකක් ඇතුළත අසාධාරණ පොලියක් ඉල්ලනවා. ඒවගේම නිතර නිතර ඔබ‍ට පීඩාකාරී අන්දමට ඔබගේ දුරකථනවලට සම්බන්ධ වෙනවා.
මේ සම්බන්ධයෙන් අප‍ට ලැබිල තියෙන පැමිණිලිවලට අනුව ඒ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අපිට හැකිවෙලා තියෙනවා.” යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ.කේ. වුට්ලර් ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30
Video thumbnail
නැවතත් අධික ලෙස ඉන්ධන මිල වැඩි කරනවා ?විමල් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
07:27
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න
00:54
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න..දෙයියනේ..මැදිරි දෙකම ගිනිබත් වෙලා
01:57
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19
Video thumbnail
ගම්මන්පිලගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..100%ක් අරමුදල් දීලා තියෙන්නේ NPP දේශපාලකයෙක්
02:07