සමාජ මාධ්‍යයේ හුවමාරු වන සාවද්‍ය වාර්තාවක් ජනාධිපති කාර්යාලය ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් 11 දෙනෙකු සහ මහකොමසාරිස්වරුන් 6 දෙනෙකු ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර භාරදීම වෙනුවෙන් පසුගිය 02දා මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති රාජ්‍ය තාන්ත්‍රික කටයුත්ත සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතින සාවද්‍ය තොරතුරු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා එකී රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ ආරක්ෂාව සහිතව මෝටර් රථ මඟින් රැගෙන යාම යම් පිරිසකගේ විවේචනයට ලක්ව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ.

පෙබරවාරි 04 දිනට යෙදෙන 75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ වැඩසටහන් ඇතුළු විශේෂ රාජකාරී කටයුතු කිහිපයක් එදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දී සංවිධානය කර තිබූ අතර ඊට සමගාමීව මෙම වැඩසටහන ද මහනුවර ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබුණා.

1961 වසරේදී ඇතිකරගත් ලද රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳ වියානා සම්මුතිය ඇතුළුව ලෝකයේ ශිෂ්ට සම්පන්න රටවල සම්ප්‍රදායට ගරු කරමින් තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් අක්ත පත්‍ර පිරිනැමීමට පැමිණීමේදී ඔවුන්ට රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් ලබාදීම කවර ආණ්ඩුවක් පැවතිය ද ශ්‍රී ලංකා රජ්‍යයේ වගවීමක් මෙන්ම වගකීමක් ද වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එවැනි පසුබිමක ජනතාව නොමඟ යවන ආකාරයේ සාවද්‍ය තොරතුරු සමාජගත කිරීමට දරන උත්සාහය ජනාධිපති කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කරන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10