තායිලන්තයේ පැවති 2025 ලෝක සම්භාහන තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ප්‍රනීත් ලසන්ත , එම තරගාවලියේ දී අනුශූරතාවය දිනාගැනීමට සමත් වුණා.
සම්භාහන ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකාව ලැබූ ඉහළම ජයග්‍රහණය මෙය වන අතර, එම කීර්තිය මෙරටට අත්කර දුන් ප්‍රනීත් ලසන්ත ඊයේ (02) මව්බිමට පැමිණියා.
ඊයේ (02) රාත්‍රී 10.00ට තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරණ ගුවන් යානයෙන් ඔහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි දසත ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.
ලෝක සම්භාහන සම්මේලනය මගින් සංවිධානය කළ මෙම තරගාවලිය තායිලන්තයේ චියන් රායි නුවර දී ඉකුත් 26 දින සිට 28 දින දක්වා පැවැත් වුණා.
ලෝකයේ රටවල් 21ක තරගකරුවන් 80ක් මෙම තරගාවලිය සඳහා සහභාගී වී සිටියා.
එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමු වරට මෙම තරගාවලියට සහභාගී වූ ප්‍රනීත් ලසන්ත; එහි ‘ස්පා ඇන්ඩ් වෙල්නස්’ ඉසව්වෙන් අනුශූරතාවය දිනා ගැනීමට සමත් වුණා.