සම්භාහනයෙන් ලෝකය දිනූ ප්‍රනීත් ලසන්ත මව්බිමට (ඡායාරූප)

තායිලන්තයේ පැවති 2025 ලෝක සම්භාහන තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ප්‍රනීත් ලසන්ත , එම තරගාවලියේ දී අනුශූරතාවය දිනාගැනීමට සමත් වුණා.

සම්භාහන ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකාව ලැබූ ඉහළම ජයග්‍රහණය මෙය වන අතර, එම කීර්තිය මෙරටට අත්කර දුන් ප්‍රනීත් ලසන්ත ඊයේ (02) මව්බිමට පැමිණියා.

ඊයේ (02) රාත්‍රී 10.00ට තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරණ ගුවන් යානයෙන් ඔහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි දසත ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

ලෝක සම්භාහන සම්මේලනය මගින් සංවිධානය කළ මෙම තරගාවලිය තායිලන්තයේ චියන් රායි නුවර දී ඉකුත් 26 දින සිට 28 දින දක්වා පැවැත් වුණා.

ලෝකයේ රටවල් 21ක තරගකරුවන් 80ක් මෙම තරගාවලිය සඳහා සහභාගී වී සිටියා.

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමු වරට මෙම තරගාවලියට සහභාගී වූ ප්‍රනීත් ලසන්ත; එහි ‘ස්පා ඇන්ඩ් වෙල්නස්’ ඉසව්වෙන් අනුශූරතාවය දිනා ගැනීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32