සම්බා සහ කීරි සම්බාවල උපරිම සිල්ලර මිල වහාම ඉවත් කරන්න – සහල් නිෂ්පාදකයින් කියයි

රජය විසින් නියමකර ඇති උපරිම සිල්ලර මිලට සම්බා සහ කීරි සම්බා සහල් නිකුත් කිරීමට කිසිඳු නිෂ්පාදකයෙකුට හැකියාව නොමැති බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති මුදිත පෙරේරා පවසන්නේ මේ වනවිට පවතින වී මිලත් සමඟ එලෙස උපරිම සිල්ලර මිලට සම්බා සහ කීරි සම්බා සහල් නිකුත් කිරීමට හැකියාවක් නොමැති බවයි.

අද (14) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී සභාපතිවරයා මේ බව සඳහන් කළා.

අද වනවිට සම්බා වී කිලෝවක මිල රුපියල් 140කට ආසන්න වී ඇති බව සඳහන් කළ ඔහු කීරි සම්බා වී කිලෝවක මිල රුපියල් 160 ඉක්මවා ගොස් ඇති බවයි ඔහු පවසන්නේ.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ රුපියල් 160 හෝ ඊට වැඩි මුදලකට කීරි සම්බා වී කිලෝවක මිලදී ගෙන සහල් කිලෝවක් නිෂ්පාදනය සඳහා රුපියල් 300ක පමණ පිරිවැයක් දැරීමට සිදුවන බවයි.

ඒ හේතුවෙන් කීරි සම්බා සහන කිලෝවක උපරිම සිල්ලර මිලවන රුපියල් 260ක් වැනි මුදලකට එම සහල් වෙළඳපොළට නිකුත් කිරීමට සහල් නිෂ්පාදකයින්ට කිසිඳු හැකියාවක් නොමැති බවයි.

ඒ, අනුව සහල් නිෂ්පාදකයන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ සම්බා සහ කීරි සම්බා සහල් සදහා පනවා ඇති උපරිම සිල්ලර මිල වහාම ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
0
+1
1
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිල කියන්නේ දෙපිටකාට්ටුවෙක් - අපිලාගේ සාදු දෙසයි..මුන්ගේ කතා නිසා සජිත් නැගිටලා ගියා
05:30
Video thumbnail
ඉවසීම ගැන ඩඩ්ලි සිරිසේන කියලා දුන්න සුපිරි කතාව..උත්සහ කරලා නතර වෙන වාරේ සාර්ථක වෙන්න පුළුවන්
05:47
Video thumbnail
ජය ශ්‍රී මහා බෝධීයට, රුවන්වැලි මහා සෑයට දිවයිනේ සතර දෙසින් විශාල ජන ගඟක් ඇදෙයි
01:24
Video thumbnail
ඩඩ්ලි සිරිමාවෝට සැරටම කිව්ව කතාව..වැරදිම තීරණය තමයි වතු ජනසතු කරලා විනාශ කිරීම
03:04
Video thumbnail
උසස් පෙළ විභාග අපේක්ෂකයින්ගෙන් 176,527ක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබලා..
05:30
Video thumbnail
CPC එකේ තෙල් නැත්තම් වෙන කොහෙවත් තෙල් නෑ..ඉන්ධන මිල සංශෝධනයක් වෙයිද ?
12:03
Video thumbnail
අද මිනිස් ශිෂ්ටාචාරයට සුවිශේෂි දවසක්..අවු:53කට පස්සේ මිනිස්සු චන්ද්‍රයා කරා ගමන් කරනවා
06:46
Video thumbnail
මුහුදේ ඉදලා මේ යාත්‍රාව මාළුන්ට වඩා මත්ද්‍රව්‍ය රැස්කරලා..ධීවරයින්ට නාවික හමුදාපතිගෙන් සැර සත්තමක්..
03:32
Video thumbnail
ඇල්ලූ යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය ගැන නාවික හමුදාපති හෙළිකරයි..වටිනාකම කෝටි 620කට අධිකයි
03:48
Video thumbnail
නාවික හමුදාපති පැමිණ යාත්‍රාව අල්ලා ගැනීමට සහය වූ නිලධාරින්ට ආචාර කළ අයුරු
02:36