Empty Ad
AFC Banner
Empty Ad

සම්බාහන මධ්‍යස්ථානයක් කුඩු කර; කාන්තාවකට බරපතළ තුවාල සිදු කළ චණ්ඩීන් නිදැල්ලේ – කුරුණෑගල පොලිසිය නිහඬයි !

කුරුණෑගල – වඳුරාවල සම්බාහන මධ්‍යස්ථානයක කාන්තාවන් තිදෙනකු සහ පිරිමි පුද්ගලයෙකු ඇතුළු සිව්දෙනෙකුට පහර දී බරපතළ තුවාල සිදු කිරීමේ පුවතක් වාර්තා වනවා.

මෙම සිදුවීම පසුගිය 06 වැනිදා රාත්‍රී කාලයේ දී සිදු වුණ ද; වින්දිත පාර්ශ්වය චෝදනා කරන්නේ කිසිදු සැකකරුවකු කුරුණෑගල පොලිසිය විසින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

සම්බාහන මධ්‍යස්ථානයට ඔක්තෝබර් 06 වැනි දින රාත්‍රී කාලයේ දී අධික බීමතින් පුද්ගලයින් දෙදෙනකු පැමිණ තිබෙනවා.

ඔවුන් පැමිණ පවසා ඇත්තේ; තමන් හට සත්කාරයක් අවශ්‍ය බවටත්; පූර්ණ සත්කාරයක් ලබාගත හැකි ද යන වගයි.

නමුත් වෙළෙඳ සේවිකාවන් එම අවස්ථාවේ දී අදාළ පුද්ගලයින් දෙදෙනා අධික ලෙස බීමත් ව සිටීම හේතුවෙන් සහ ඔවුන්ගේ ආයතනයේ සම්පූර්ණ සත්කාරක පැකේජය ක්‍රියාත්මක නොවන බැවින් පවසා ඇත්තේ; ඔවුන් ඉල්ලන පහසුකම සැපයීම අසීරු බවයි.

එම අවස්ථාවේ දී අධික ලෙස බීමත් ව සිටි පුද්ගලයින් දෙදෙනා සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන යාමට ඇති බලපත්‍රය ඉල්ලා තිබෙනවා.

එහිදී සම්බාහන මධ්‍යස්ථානයේ හිමිකාරිණිය පවසා ඇත්තේ; පොලිසියෙන් නොවන බැවින් කිසිදු ලෙසකින් බලපත්‍රය පෙන්වීමේ අවශ්‍යතාවක් නොමැති බවටයි.

එම අවස්ථාවේ දී බීමතින් පැමිණි පුද්ගලයින් දෙදෙනා සම්බාහන මධ්‍යස්ථානයේ සිටි වයස අවුරුදු 50ක් පමණ වන මුදල් අයකැමිවරයාට සහ වෙළෙඳ සේවිකාවන් තිදෙනාට අමානුෂික ලෙස පහර දී තිබෙනවා.

එම පහරකෑම්වලින් වැළකීමට සම්බාහන මධ්‍යස්ථානයේ කාන්තාවන් දෙදෙනකු සහ පිරිමි පුද්ගලයා පිටතට දුවගොස් ඇති අතර එක් කාන්තාවක් පය පැටලීමෙන් බිම ඇද වැටී ඇති බවයි පැවසෙන්නේ.

ඉන් අනතුරුව බීමත්ව සිටි පුද්ගලයින් විසින් බිම වැටුණු කාන්තාවගේ හිසට කළු ගලකින් පහර දී, ඇඟිලි සහ අත් කඩා, කොඳුඇට පෙළ ද පාගා ඇති බවටයි පැමිණිලිකාර පාර්ශ්වය චෝදනා කර ඇත්තේ.

පසුව සැකකාර පුද්ගලයින් දෙදෙනා කිසියම් පිරිසකට දූරකථන ඇමතුමක් ලබා දී ඇති බවත්; ඉන් මිනිත්තු කිහිපයකට පසු 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ පහර දී, සිය ආයතනයට සහ වාහනවලට හානි කළ බවට ද පැමිණිලිකාර පාර්ශ්වය කුරුණෑගල පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් කර ඇති බවයි ඔවුන් පැවසුවේ.

කෙසේවෙතත් බරපතළ තුවාල ලද වෙළෙඳ සහායිකාව මේ වනවිට (09) කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන බවත්; මෙතෙක් අදාළ පුද්ගලයින්ගේ අනන්‍යතාව, ඡායාරූප ආදිය පොලිසිය වෙත ලබා දුන්න ද පොලිසිය විසින් කිසිදු සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට අපොහොසත් වී ඇති බව ද වින්දිතයින් පවසනවා.

මෙම සිදුවීම සිදු ව දින 03ක් ගතවන මොහොතක, සැකකරුවන්ගේ අනන්‍යතාව හඳුනාගැනීම සඳහා තොරතුරු පැමිණිකාර පාර්ශ්වය විසින් ඉදිරිපත් කර තිබියදීත් කුරුණෑගල පොලිසිය මුනිවත රකින්නේ කුමන හේතුවක් නිසා දැයි නොදන්නා හෙයින් ඒ පිළිබඳව පොලිසියෙන් විමසීමට දසත ප්‍රවෘත්ති අප අවස්ථා ගණනාවක දී උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ඇඟවල් හොඳට තැලිලා තියෙන්නේ - නාමල් සැරටම කරපු කතාව මෙන්න
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ධර්මප්‍රිය විජේසිංහ සහ සජබ ගම්පහ ආසන සංවිධායක වරුණ දීප්ත සහභාගීවන කස්තිරම
01:23:40
Video thumbnail
රනිල් රට කළා නම් මීට වැඩිය හොඳට කරනවා - සරදම් කියන්නේ මේවට තමයි ඉතිං
04:44
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක මෝදි උත්සවයට - ආචාර වෙඩි මුර ගහලා වැඩේ පටන් ගත්ත හැටි
08:36
Video thumbnail
LIVE🔴 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ රාජ්‍ය උත්සවය
21:01
Video thumbnail
දේවාලේ ළඟට ආපු අලි සෙට් එක මෙන්න - මිනිස්සු පිස්සුවෙන් වගේ අලි එළවන්නේ
02:38
Video thumbnail
ඊයේ පත්තු වූ වෙ# තැබීමේ දර්ශන මාධ්‍යට නිකුත් වෙයි
09:16
Video thumbnail
අපි බීලා කාණුවේ වැටිලා හිටියද හලෝ - සමන්ත කරපු ඉල ඇට ඇදෙන කතාව
05:40
Video thumbnail
දෙමළ ෆිල්ම් එකක වගේ බිරිඳව පැහැරගත් හැටි කියන සැමියා
03:11
Video thumbnail
මහ වරුසාවේ පාර කාපට් කරන හැටි - ට්‍රැක්ද මහත්තයෝ
03:34
<p>?</p>