සම්බාහන මධ්‍යස්ථානයක් කුඩු කර; කාන්තාවකට බරපතළ තුවාල සිදු කළ චණ්ඩීන් නිදැල්ලේ – කුරුණෑගල පොලිසිය නිහඬයි !

කුරුණෑගල – වඳුරාවල සම්බාහන මධ්‍යස්ථානයක කාන්තාවන් තිදෙනකු සහ පිරිමි පුද්ගලයෙකු ඇතුළු සිව්දෙනෙකුට පහර දී බරපතළ තුවාල සිදු කිරීමේ පුවතක් වාර්තා වනවා.

මෙම සිදුවීම පසුගිය 06 වැනිදා රාත්‍රී කාලයේ දී සිදු වුණ ද; වින්දිත පාර්ශ්වය චෝදනා කරන්නේ කිසිදු සැකකරුවකු කුරුණෑගල පොලිසිය විසින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

සම්බාහන මධ්‍යස්ථානයට ඔක්තෝබර් 06 වැනි දින රාත්‍රී කාලයේ දී අධික බීමතින් පුද්ගලයින් දෙදෙනකු පැමිණ තිබෙනවා.

ඔවුන් පැමිණ පවසා ඇත්තේ; තමන් හට සත්කාරයක් අවශ්‍ය බවටත්; පූර්ණ සත්කාරයක් ලබාගත හැකි ද යන වගයි.

නමුත් වෙළෙඳ සේවිකාවන් එම අවස්ථාවේ දී අදාළ පුද්ගලයින් දෙදෙනා අධික ලෙස බීමත් ව සිටීම හේතුවෙන් සහ ඔවුන්ගේ ආයතනයේ සම්පූර්ණ සත්කාරක පැකේජය ක්‍රියාත්මක නොවන බැවින් පවසා ඇත්තේ; ඔවුන් ඉල්ලන පහසුකම සැපයීම අසීරු බවයි.

එම අවස්ථාවේ දී අධික ලෙස බීමත් ව සිටි පුද්ගලයින් දෙදෙනා සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන යාමට ඇති බලපත්‍රය ඉල්ලා තිබෙනවා.

එහිදී සම්බාහන මධ්‍යස්ථානයේ හිමිකාරිණිය පවසා ඇත්තේ; පොලිසියෙන් නොවන බැවින් කිසිදු ලෙසකින් බලපත්‍රය පෙන්වීමේ අවශ්‍යතාවක් නොමැති බවටයි.

එම අවස්ථාවේ දී බීමතින් පැමිණි පුද්ගලයින් දෙදෙනා සම්බාහන මධ්‍යස්ථානයේ සිටි වයස අවුරුදු 50ක් පමණ වන මුදල් අයකැමිවරයාට සහ වෙළෙඳ සේවිකාවන් තිදෙනාට අමානුෂික ලෙස පහර දී තිබෙනවා.

එම පහරකෑම්වලින් වැළකීමට සම්බාහන මධ්‍යස්ථානයේ කාන්තාවන් දෙදෙනකු සහ පිරිමි පුද්ගලයා පිටතට දුවගොස් ඇති අතර එක් කාන්තාවක් පය පැටලීමෙන් බිම ඇද වැටී ඇති බවයි පැවසෙන්නේ.

ඉන් අනතුරුව බීමත්ව සිටි පුද්ගලයින් විසින් බිම වැටුණු කාන්තාවගේ හිසට කළු ගලකින් පහර දී, ඇඟිලි සහ අත් කඩා, කොඳුඇට පෙළ ද පාගා ඇති බවටයි පැමිණිලිකාර පාර්ශ්වය චෝදනා කර ඇත්තේ.

පසුව සැකකාර පුද්ගලයින් දෙදෙනා කිසියම් පිරිසකට දූරකථන ඇමතුමක් ලබා දී ඇති බවත්; ඉන් මිනිත්තු කිහිපයකට පසු 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ පහර දී, සිය ආයතනයට සහ වාහනවලට හානි කළ බවට ද පැමිණිලිකාර පාර්ශ්වය කුරුණෑගල පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් කර ඇති බවයි ඔවුන් පැවසුවේ.

කෙසේවෙතත් බරපතළ තුවාල ලද වෙළෙඳ සහායිකාව මේ වනවිට (09) කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන බවත්; මෙතෙක් අදාළ පුද්ගලයින්ගේ අනන්‍යතාව, ඡායාරූප ආදිය පොලිසිය වෙත ලබා දුන්න ද පොලිසිය විසින් කිසිදු සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට අපොහොසත් වී ඇති බව ද වින්දිතයින් පවසනවා.

මෙම සිදුවීම සිදු ව දින 03ක් ගතවන මොහොතක, සැකකරුවන්ගේ අනන්‍යතාව හඳුනාගැනීම සඳහා තොරතුරු පැමිණිකාර පාර්ශ්වය විසින් ඉදිරිපත් කර තිබියදීත් කුරුණෑගල පොලිසිය මුනිවත රකින්නේ කුමන හේතුවක් නිසා දැයි නොදන්නා හෙයින් ඒ පිළිබඳව පොලිසියෙන් විමසීමට දසත ප්‍රවෘත්ති අප අවස්ථා ගණනාවක දී උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?