සම්පූර්ණ එන්නත ලබාගත්තා නම් මුහුණු ආවාරණ භාවිත කරන්න අවශ්‍ය නැහැ.

මාත්‍රා දෙකකින් යුත් කොරෝනා මර්දන එන්නත සම්පූර්ණයෙන්ම ලබා ගත් අයට මුහුණු ආවාරණ පැළඳීම නතර කළ හැකි බව අමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය එරට ජනතාවට මෙය දැනුම්දී තිබෙනවා.

එම මධ්‍යස්ථානයේ ප්‍රකාශයක් උපුටා දක්වමිනුයි, විදෙස් මාධ්‍ය මේ බව කියා සිටියේ.

එමෙන්ම සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ද ඔවුන්ට අවශ්‍ය නොවන බවයි එම මධ්‍යස්ථානය අවධාරණය කරන්නේ.

කෙසේ වෙතත්, සෞඛ්‍ය සේවා පහසුකම් සපයන පිරිස් හට මෙය අදාළ නොවන බවත් සඳහන්.

එමෙන්ම නිවෙස් නොමැති පිරිස් හටත්, බන්ධනාගාරගතව සිටින අයටත් කිසිසේත් මුහුණු අවාරණ ඉවත් කිරීමට නොහැකි බව ද රෝග පාලන මධ්‍යස්ථානය කියා සිටියා.

තව ද මගී ප්‍රවාහන සේවාවන්හි කටයුතු කරන අය ද අනිවාර්යයෙන්ම මුහුණු ආවාරණ භාවිත කළ යුතු බවයි එම මාධ්‍යස්ථානය අවධාරණය කළේ.

මීට පෙර ඊශ්‍රායලය ද මුහුණු ආවාරණ පැළඳීම අනිවාර්යය නොවන බව නිවේදනය කර තිබුණා.

ඒ්, එරට තුළ කොරෝනා මර්දන එන්නත්කරණය සාර්ථකව සිදු වෙමින් තිබීම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21