සමනොළ සිරි – හරිත වන්දනා ජාතික වැඩසටහන ඇරඹේ

‘ක්ලීන් ශ්‍රී ලංකා’ලේකම් කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘සමනොළ සිරි – හරිත වන්දනා ජාතික වැඩසටහන යටතේ සිරිපා පුදබිමේ ඉහළ මළුවේ ඉතා දුෂ්කර ස්ථානවල ගොඩගැසී පැවති කසළ තොග ඉවත් කිරීමේ විශේෂ බලකා මෙහෙයුමේ දෙවන අදියර ලෙස ශ්‍රී පාද පූජා භූමියට නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්‍රීතව සිදු කෙරෙන එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ වුණා.

රාජ්‍ය ආයතන, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, පෞද්ගලික අංශය, සිවිල් සංවිධාන හා ස්වේච්ඡා කණ්ඩායම් එක්ව එම අංශවල හා මහජන සහභාගීත්වය සහිතව මෙම ශ්‍රම මෙහෙයුම ක්‍රියාත්මක වනවා.

ඒ අනුව අද (19) පෙ.ව. 05.45 ට නල්ලතන්නිය පොලිස් ස්ථානය අසලින් පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතාගේ සහ ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ ජනාධිපති අතිරේක ලේකම් එස්. පී. සී. සුගීස්වරගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන ආරම්භ කෙරුණා.

මෙම ව්‍යාපෘතිය මඟින් මහජනතාවට ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සමඟ එක්ව කටයුතු කිරීමට අවස්ථාව උදාවන අතර, පුරවැසියන්ගේ ආකල්ප සංවර්ධනය සඳහා නව ප්‍රවේශයන් ගැනීමට අවස්ථා විවෘත වනවා.

තවද වටිනා පාරිසරික උරුමයක් හා ආගමික සිද්ධස්ථානයක් වීම මත සංචාරක ආකර්ෂණය වැඩිකර ගැනීමට ද මෙමගින් අවස්ථාව උදා වනවා.

එමෙන්ම සංවේදී පරිසර කලාපයක් වන සිරිපා අඩවියේ පරිසර පද්ධතියට හානි වන ක්‍රියාවන් හෝ හානි දායක වන අයුරින් හැසිරීමක් සිදු නොකිරීමට ජනතාව දැනුවත් කිරීමද මෙහිදී සිදු කෙරේ. ආචාරධර්මීය ගුණාංග ප්‍රවර්ධනය වන පරිදි සැදැහැවතුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ද ඉහත වැඩසටහනට සමඟාමීව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ සංකල්පය යටතේ මෙවර සිරිපා වාරය පුරා සිදු කරනු ලබනවා.

සමස්ත ශ්‍රී ලාංකික පුරවැසියන් වෙත’පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ උදාකරලීමේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යහපත් ආකල්ප සහිත ආචාරධර්මීය සමාජයක් ගොඩනැගීම හරහා පරිසරයට ආදරය කරන සහ පරිසර තිරසරභාවයට ගරු කරන පුරවැසියන් බිහි කිරීම උදෙසා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ පාරිසරික කුළුණ යටතේ ව්‍යපෘති හා වැඩසටහන් ආරම්භ කොට මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10