AFC Banner
AFC Banner
Empty Ad

සමන් කොල්ලාගේ ගෝලයෙක් කුඩු එක්ක අල්ලයි (ඡායාරූප)

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ‘සමන් කොල්ලා’ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ ප්‍රධාන ගෝලයෙක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් ක්‍ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩායමේ නිලධාරීන් සමඟ ඒකාබද්දව විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (28) සිදුකළ මෙහයුමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

අම්බලන්ගොඩ පොලිස් වසමේ වේනමුල්ල ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ඔහු සන්තකයේ තිබී එහි දී හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 880ක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

24 හැවිරිදි වියේ පසුවන සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?