spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සභාපතිවරයාගේ කකුලක් ගිය දුර

අධිකරණයට අපහාසාත්මක වන අයුරින් අද දින (04) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය තුළ කකුලක් මත කකුලක් තබාගෙන සිටීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා අධිකරණ සිර මැදිරියට යොමු කර තිබෙනවා.

වැලිකන්ද ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරන ලද උත්සවයක් සඳහා අනවසරයෙන් විදුලිය ලබාගැනිමේ චෝදනාවට අදාළ නඩුවක් සඳහා පැමිණ සිටියදීයි සභාපතිවරයාට මෙම අවස්ථාවට මුහුණ දීමට සිදුවුයේ.

සිද්ධියට වැරදිකරු වූ සභාපතිවරයා පොළොන්නරුව මහේස්ත්‍රාත්වරියගේ නියෝග මත සිර මැදිරියට යොමු කර තිබුණා.

විනාඩි 30ක පමණ කාලයක් එහි රඳවා සිටීමෙන් පසු ශරීර ඇප මත නිදහස් වූ මෙම සභාපතිවරයාට පොළොන්නරුව මහේස්ත්‍රාත්වරිය දැඩිව අවවාද කි‍රිමෙන් අනතුරුව නිදහස් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?