ජනාධිපතිවරණයට සල්ලි තියනවා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා ජනාධිපතිවරණ පනතේ දක්වා ඇති නිශ්චිත කාලවකවානු අනුව මෙවර ජනාධිපතිවරණය ද පැවැත්වීම හා දින නියම කිරීම සිදුකෙරෙන අතර, එය කිසිසේත් හදිසියේ රජය ගත් තීරණයක් නොවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඒ, සඳහා අයවැය මගින් මුලදීම මුදල් ප්‍රතිපාදන ද වෙන් කර ඇති බැවින් ජනාධිපතිවරණය පැවැත්වීම වෙනුවෙන් මූල්‍ය ගැටලු‍වක් මතු විය නොහැකි බවයි අමාත්‍යවරයා සඳහන් ක්කරන්නේ.

රටේ ඇති වූ අරගලයකින් පසු මූල්‍ය හා ඉන්ධන අර්බුද වැනි ගැටලු‍කාරී වාතාවරණයක් පැවති කාලපරිච්ඡේදයක ජනාධිපතිවරයා විසින් 2022 වර්ෂයේ මැයි මාසයේ දී තමන්ට අධ්‍යාපන අමාත්‍ය ධුරය භාර දුන් බවත් එය අභියෝගයක් ලෙස භාර ගෙන අකර්මන්‍යව පැවති පාසල් පෙළපොත් හා නිල ඇඳුම් අඛණ්ඩව නිසි කලට ලබාදීම මෙන්ම පාසල් වසා තැබීම නිසා අතපසු ව පැවති අධ්‍යයන කටයුතු ආවරණය කරමින් විභාග කාලසටහන ක්‍රමයෙන් යථා තත්වයට ගෙන ඒමට ද කැපවීමෙන් ක්‍රියා කළ බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළා.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන අමාත්‍ය ධුරයේ වගකීමත් සමඟ ම පූර්ණ නිදහසක් හා මනා සහයෝගයක් තමන්ට ලබා දුන් බව ද සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඒ, අනුව සකස් කර ඇති ඉදිරි සැලසුම් ද අඛණ්ඩ ව ඉදිරියට ගෙන යා යුතු බවත්, ඉදිරියේ දී අභියෝග භාරගත නොහැකි පුද්ගලයන්ට රට භාර නොදෙන ලෙස ද ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23