spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනාධිපතිවරණයට සල්ලි තියනවා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා ජනාධිපතිවරණ පනතේ දක්වා ඇති නිශ්චිත කාලවකවානු අනුව මෙවර ජනාධිපතිවරණය ද පැවැත්වීම හා දින නියම කිරීම සිදුකෙරෙන අතර, එය කිසිසේත් හදිසියේ රජය ගත් තීරණයක් නොවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඒ, සඳහා අයවැය මගින් මුලදීම මුදල් ප්‍රතිපාදන ද වෙන් කර ඇති බැවින් ජනාධිපතිවරණය පැවැත්වීම වෙනුවෙන් මූල්‍ය ගැටලු‍වක් මතු විය නොහැකි බවයි අමාත්‍යවරයා සඳහන් ක්කරන්නේ.

රටේ ඇති වූ අරගලයකින් පසු මූල්‍ය හා ඉන්ධන අර්බුද වැනි ගැටලු‍කාරී වාතාවරණයක් පැවති කාලපරිච්ඡේදයක ජනාධිපතිවරයා විසින් 2022 වර්ෂයේ මැයි මාසයේ දී තමන්ට අධ්‍යාපන අමාත්‍ය ධුරය භාර දුන් බවත් එය අභියෝගයක් ලෙස භාර ගෙන අකර්මන්‍යව පැවති පාසල් පෙළපොත් හා නිල ඇඳුම් අඛණ්ඩව නිසි කලට ලබාදීම මෙන්ම පාසල් වසා තැබීම නිසා අතපසු ව පැවති අධ්‍යයන කටයුතු ආවරණය කරමින් විභාග කාලසටහන ක්‍රමයෙන් යථා තත්වයට ගෙන ඒමට ද කැපවීමෙන් ක්‍රියා කළ බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළා.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන අමාත්‍ය ධුරයේ වගකීමත් සමඟ ම පූර්ණ නිදහසක් හා මනා සහයෝගයක් තමන්ට ලබා දුන් බව ද සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඒ, අනුව සකස් කර ඇති ඉදිරි සැලසුම් ද අඛණ්ඩ ව ඉදිරියට ගෙන යා යුතු බවත්, ඉදිරියේ දී අභියෝග භාරගත නොහැකි පුද්ගලයන්ට රට භාර නොදෙන ලෙස ද ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?