විජයදාසට බාධා නොකරන ලෙස අධිකරණයෙන් වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ ඊයේ (12) දින පත් කර ගැනීමට සහ විධායක සභාව විසින් ගත් තීරණවලට බාධා කිරීමට සියලු පාර්ශ්වයන්ට වළක්වාලමින් වාරණ නියෝගයක් අධිකරණය විසින් නිකුත්කර තිබෙනවා.

කඩුවෙල දිසා විනිසුරු දුලානි වික්‍රමසූරිය මහත්මිය විසින් අද (13) දින මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

පක්ෂයේ සභාපති අමාත්‍ය විජයදාස රාජපක්ෂ, වැඩ බලන ලේකම් නීතිඥ කීර්ති උඩවත්තට සහ දේශපාලන මණ්ඩලයට අදාළ කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට අවස්ථාව ලබා දෙන ඉල්ලමින් ඉසුරු අබේවර්ධන සහ සුමිත් විජයමුණි සොයිසා යන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයන් දෙදෙනා විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගය මැයි මස 27 වනදා පැවැත් වනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය ඊයේ (12) දිනයේ පැවැත් වූ විධායක සභා රැස්වීමේ දී නව සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ පත්කරගනු ලැබුවා.

ඒ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම තනතුරින් ඉල්ලා අස්වීමත් සමඟයි.

එමෙන්ම පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස නීතිඥ කීර්ති උඩවත්ත පත්කර ගැනීමට මෙහිදී කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46