උතුරු කොරියාවේ රතු තොල් ආලේපනවලට තහනමක්

කිම් ජොන් උන්ගේ නායකත්වය යටතේ උතුරු කොරියාව මේ වන විටත් දැඩි හා අසාමාන්‍ය නීති ක්‍රියාත්මක කරනවා.

මෝස්‌තර නිරූපනය විලාසිතා තේරීම් දක්වා මෙම දැඩි නීති ක්‍රියාත්මකවීම විශේෂත්වයක්.

උතුරු කොරියානු පාලන තන්ත්‍රය ජනප්‍රිය ගෝලීය විලාසිතා සහ රූපලාවණ්‍ය සන්නාම සඳහා තහනම් පනවා ඇති අතර, එම තහනම්වලට අනුකූල නොවන අවස්ථාවක දී දැඩි දඬුවම් ද ක්‍රියාත්මක කෙරෙනවා.

එහි නවතම නීතිය ලෙස කොමියුනිස්ට්වාදී රාජ්‍යක් වන උතුරු කොරියානු රජය රතු ලිප්ස්ටික් තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

රතු වර්ණය කොමියුනිස්ට්වාදය සමඟ ඓතිහාසික සම්බන්ධකම් තිබුණ ද උතුරු කොරියාව රතු ලිප්ස්ටික් තහනම් කිරීම සම්බන්ධයෙන් මේ වනවිය බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබෙනවා.

කෙසේ වෙතත් උතුරු කොරියානු රජය රතු පැහැති තොල් ආලේපන සලකන්නේ ධනවාදයේ සංකේතයක් ලෙස බවත් මේ හේතුවෙන් එරට තුළ මෙම තොල් ආලේපන භාවිතය තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

උතුරු කොරියාව තුළ අධික වේශ නිරූපණය පිළිකුල් සහගත වන අතර, එය බටහිර බලපෑමේ සලකුණක් ලෙස ද සැලකෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30