සබරගමුව මහ සමන් දේවාලයේ නිලවරණයට එරෙහිව අතුරු තහනමක්

සබරගමුව මහ සමන් දේවාලයේ හෙට (11) බස්නායක නිලමේවරයා තෝරා ගැනීමට අදාළ ව පැවැත්වීමට නියම කර තිබූ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් අභියාචනාධිකරණයෙන් අද (10) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

එම දේවාලයේ තාවකාලික භාරකරු වශයෙන් පත් කර තිබූ එස්.වී.චන්ද්‍රසිංහ මහතා විසින් ගොනු කර තිබූ පෙත්සමක් සලකා අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහමඩ් ලෆාර් තාහීර් මහතා හමුවේ සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කෙරුණා.

ඒ අනුව පෙබරවාරි 20 වැනිදා දක්වා බල පැවැත්වෙන පරිදි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කෙරුණා.

හෙට පැවැත්වීමට නියමිත බස්නායක නිලමේවරයා තෝරා ගැනීමේ නිලවරණය පැවැත්වෙන ආකාරයේ නීතියට පටහැනි බව පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චාමර නානායක්කාරවසම් මහතා කරුණු ඉදිරිපත් කළ අතර එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා අතුරු තහනම් නියෝගය නිකුත් කළා.

මීට අමතරව සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස එස්. වී. චන්ද්‍රසිංහ මහතා පත් කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය පසුගිය පෙබරවාරි 3 වැනිදා තහනම් නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?