සබරගමුව මහ සමන් දේවාලයේ නිලවරණයට එරෙහිව අතුරු තහනමක්

සබරගමුව මහ සමන් දේවාලයේ හෙට (11) බස්නායක නිලමේවරයා තෝරා ගැනීමට අදාළ ව පැවැත්වීමට නියම කර තිබූ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් අභියාචනාධිකරණයෙන් අද (10) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

එම දේවාලයේ තාවකාලික භාරකරු වශයෙන් පත් කර තිබූ එස්.වී.චන්ද්‍රසිංහ මහතා විසින් ගොනු කර තිබූ පෙත්සමක් සලකා අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහමඩ් ලෆාර් තාහීර් මහතා හමුවේ සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කෙරුණා.

ඒ අනුව පෙබරවාරි 20 වැනිදා දක්වා බල පැවැත්වෙන පරිදි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කෙරුණා.

හෙට පැවැත්වීමට නියමිත බස්නායක නිලමේවරයා තෝරා ගැනීමේ නිලවරණය පැවැත්වෙන ආකාරයේ නීතියට පටහැනි බව පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චාමර නානායක්කාරවසම් මහතා කරුණු ඉදිරිපත් කළ අතර එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා අතුරු තහනම් නියෝගය නිකුත් කළා.

මීට අමතරව සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස එස්. වී. චන්ද්‍රසිංහ මහතා පත් කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය පසුගිය පෙබරවාරි 3 වැනිදා තහනම් නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14