සඳුදා සිට යළිත් ජනතාවට සහනයක්

ඉදිරියේදී ගෑස් මෙට්‍රික් ටොන් 8500ක තොගයක් ශ්‍රී ලංකාව වෙත ලැබීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ රජයේ මැදිහත්වීම මත ලෝක බැංකු ආධාර යටතේ ගෑස් ආනයනය කිරීම සඳහා ලැබී ඇති ඩොලර් මිලියන 10ක ප්‍රතිපාදන හරහා මෙම ගෑස් තොගය මෙරටට පැමිණීමට නියමිත බවය.

ඒ අනුව නිෂ්පාදන කටයුතු එළඹෙන අප්‍රේල් 18 වනදා සිට ආරම්භ කිරීමට නියමිතව ඇති බවද එම නිවේදනයේ සඳහන්.

මේ අතර අප්‍රේල් මාසය තුළ පමණක් ගෘහස්ත ගෑස් සිලින්ඩර 800,000ක් වෙළෙඳපොළට නිකුත් කර තිබේ.

ඒ අනුව කර්මාන්තශාලා, රෝහල් සහ හෝටල් ද ඇතුළුව වෙළෙඳපොල හරහා ගෑස් මෙට්‍රික් ටොන් 11,000ක ප්‍රමාණයක් බෙදාහැරීම සිදුකර තිබේ.

මේ අතර ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාමත් මෙරට ඩොලරයේ අගය ඉහළ යාමත් හමුවේ ගෑස් මිල ඉහළ නොදැමීම හේතුවෙන් මාර්තු මාසයේදී පමණක් රුපියල් මිලියන 2600ක අලාභයක් ද සිය ආයතනයට දැරීමට සිදුව ඇති බවද එම නිවේදනයෙන් ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?