සද්දන්ත ඇතෙක් පළාතක ලයිට් කපයි (ඡායාරූප)

වොල්ට් 33,000ක අධිබලැති විදුලි සම්ප්‍රේෂණ රැහැන් මාර්ගයකට අයත් විදුලි කණුවකට දළ ඇතෙකු විසින් පහර දී කඩා බිඳ දැමීමේ දුර්ලභ පුවතක් ආඬියාගල – හිඟුරුවැව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සිදුවීම අද (08) දිනයේ දී සිදු ව ඇති බවත්; කහල්ල පල්ලේකැලේ අභය භූමියේ සිට ආහාර සොයා ගම් වැදුණු දළ ඇතෙකු විසින් මෙම පහරදීම සිදු කර ඇති බවයි.

දළ ඇතා විදුලි කණුවට පහර දීමත් සමග ඒ මතින් ඇද තිබූ අධි බලැති විදුලි රැහැන් පද්ධතිය ද බිම වැටී විදුලි පද්ධතියට අයත් කොටස් රැසකට හානි සිදු ව තිබෙනවා.

සිද්ධිය වූ අවස්ථාවේ විදුලිය විසන්ධි වීමත් සමග එම අවස්ථාවේ එම දළ ඇතාට ද ඉන් සිදුවීමට තිබූ හානිය ද වැළකී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

දළ ඇතා විදුලි පද්ධතියට මෙලෙස හානි කිරීම හේතුවෙන් පැය 05ක පමණ කාලයක් හිඟුරුවැව ඇතුළු ප්‍රදේශ රැසක විදුලි සැපයුමට ද බාධා එල්ල වුණා.

සිද්ධිය වාර්තා වීමත් සමඟ ගල්නෑව විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් පැමිණ හානියට පත් ව තිබූ එම විදුලි පද්ධතිය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට ද කටයුතු කෙරුණු බවත් වාර්තා වනවා.

දළ ඇතා විසින් ජාතික විදුලි පද්ධතියට සිදුකර ඇති මෙම හානිය හේතුවෙන් විදුලිබල මණ්ඩලයට සිදු ව ඇති පාඩුව රුපියල් ලක්ෂ ගණනක් බව ද විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
3
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?