සද්දන්ත ඇතෙක් පළාතක ලයිට් කපයි (ඡායාරූප)

වොල්ට් 33,000ක අධිබලැති විදුලි සම්ප්‍රේෂණ රැහැන් මාර්ගයකට අයත් විදුලි කණුවකට දළ ඇතෙකු විසින් පහර දී කඩා බිඳ දැමීමේ දුර්ලභ පුවතක් ආඬියාගල – හිඟුරුවැව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සිදුවීම අද (08) දිනයේ දී සිදු ව ඇති බවත්; කහල්ල පල්ලේකැලේ අභය භූමියේ සිට ආහාර සොයා ගම් වැදුණු දළ ඇතෙකු විසින් මෙම පහරදීම සිදු කර ඇති බවයි.

දළ ඇතා විදුලි කණුවට පහර දීමත් සමග ඒ මතින් ඇද තිබූ අධි බලැති විදුලි රැහැන් පද්ධතිය ද බිම වැටී විදුලි පද්ධතියට අයත් කොටස් රැසකට හානි සිදු ව තිබෙනවා.

සිද්ධිය වූ අවස්ථාවේ විදුලිය විසන්ධි වීමත් සමග එම අවස්ථාවේ එම දළ ඇතාට ද ඉන් සිදුවීමට තිබූ හානිය ද වැළකී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

දළ ඇතා විදුලි පද්ධතියට මෙලෙස හානි කිරීම හේතුවෙන් පැය 05ක පමණ කාලයක් හිඟුරුවැව ඇතුළු ප්‍රදේශ රැසක විදුලි සැපයුමට ද බාධා එල්ල වුණා.

සිද්ධිය වාර්තා වීමත් සමඟ ගල්නෑව විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් පැමිණ හානියට පත් ව තිබූ එම විදුලි පද්ධතිය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට ද කටයුතු කෙරුණු බවත් වාර්තා වනවා.

දළ ඇතා විසින් ජාතික විදුලි පද්ධතියට සිදුකර ඇති මෙම හානිය හේතුවෙන් විදුලිබල මණ්ඩලයට සිදු ව ඇති පාඩුව රුපියල් ලක්ෂ ගණනක් බව ද විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
3
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10