AFC Banner
AFC Banner
Empty Ad

සතොසේ අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහතට

සතොස ආයතන අද (19) සිට අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ලොකු ලූණු කිලෝවක් රුපියල් 5.00 කින් ,
රතු කැකුළු කිලෝවල් රුපියල් 8.00 කින්,
සුදු කැකුළු (දේශීය) කිලෝවක් රුපියල් 10.00 කින්,
සම්බා (දේශීය) කිලෝවක් රුපියල් 9.00කින්,
සුදුනාඩු (දේශිය) කිලෝවක් රුපියල් 9.00කින්,
සුදු නාඩු (ආනයනික) කිලෝවක් රුපියල් 6.00කින්,
කීරි සම්බා කිලෝවක් රුපියල් 6.00කින්,
සුදු සීනි කිලෝවක් රුපියල් 2.00කින්,
රතු පරිප්පු කිලෝවක් රුපියල් 7.00කින්,
වියලි මිරිස් රුපියල් කිලෝවක් රුපියල් 50.00 කින්,
පාන් පිටි කිලෝවක් රුපියල් 5.00 කින්,
හාල්මැස්සෝ කිලෝවක් රුපියල්20.00කින්,
මෙලෙස මිල අඩුකළ භාණ්ඩ වනවා.

පාරිභෝගික ජනතාවට සහනයක් සැලසීමට මෙම විශේෂ මිල අඩු කිරීම ක්‍රියාත්මක බවයි එම ආයතනය සඳහන් කළේ.

මේ අතර ඉහළ ගොස් ඇති බිත්තර මිල පාලනය කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බවත් ඒ සඳහා දැනටමත් සැලසුම් සකස් කර ඇති අතර, බිත්තර ආනයනය කිරීමේ වගකීමට ද ඉදිරියේදී පියවර ගන්නා බවත් සතොස සභාපතිවරයා මෙහිදී කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?