රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධි වත්කම් ඉපැයීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම මහතා අද (09) නියෝග කළා.
සිද්ධියට අදාළ සැකකරු අද (09) අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබුවා.
අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේ සැකකරු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම සඳහන් කර සිටියා.
නීතිවිරෝධි වත්කම් ඉපයීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මන්ත්‍රීවරයා අල්ලස් කොමිසමට පැමිණ තිබුණා.













