AFC Banner
Empty Ad

සචින්, ගාම්භීර්ගේ සහායට ?

ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත බෝඩර්-ගවස්කාර් ටෙස්ට් තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ පිතිකරණ උපදේශකයෙකු ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් පත්කරන ලෙසට ඉන්දීය ක්‍රිකට් ආයතනයට යෝජනාවක් කර තිබෙනවා.

හිටපු ඉන්දීය ක්‍රීඩකයෙක් සහ හිටපු පුහුණුකරුවෙක් වන ඩබ්ලිව්.වී. රාමන් විසින් මෙම යෝජනාව කර ඇති බවයි ඉන්දීය මධ්‍ය වාර්තා කළේ.

මෙම තරගාවලියේ දී ඉන්දීය පුහුණුකරු ගෞතම් ගාම්භීර්ගේ සහාය වෙනුවෙන් සචින් තෙන්ඩුල්කාර් එම තනතුර සඳහා පත්කරන ලෙසයි රාමන් පවසා ඇත්තේ.

එවැනි වෙනස්කමක් සමඟ ඉදිරියට යාමට ඉන්දියාවට දෙවැනි ටෙස්ට් තරගාවලියට පෙර ප්‍රමාණවත් කාලයක් පවතින බව රාමන් පවසා ඇති බව සඳහන්.

ටෙස්ට් ලෝක ශුරතාවේ අවසන් කණ්ඩායම් දෙක අතර රැඳී සිටීමට නම් ඕස්ට්‍රේලියා සමඟ පැවැත්වෙන තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය ඉන්දීය කණ්ඩායම තීරණාත්මක වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?