සක්විති රණසිංහ හා ඔහුගේ බිරිඳට බරපතළ වැඩ සහිතව වසරක සිරදඬුවම් – එම දඬුවම 10 වසරකට අත්හිටවෙයි

මූල්‍ය සමාගම් පනත උල්ලංඝනය කරමින් නුගේගොඩ ප්‍රදේශයේ ‘සක්විති හවුස් ඇන්ඩ් කන්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ්’ නමින් සමාගම 2006 නොවැම්බර් 01 වැනිදා සිට 2008 සැප්තැම්බර් 11 වැනි දක්වා අතර කාලය තුළ පවත්වාගෙන ගොස් ගනුදෙනුකරුවන් තැන්පත් කළ රුපියල් දහසය කෝටි හතලිස් එක් ලක්ෂයකට ආසන්න මුදලක් භාරගැනීම සහ ඒ සඳහා ආධාර අනුබල දීමේ යන චෝදනාවට වරද පිළිගත්, අබේරණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ වන කුමාරි අනුරාධිනී නමැත්තියට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා බරපතළ වැඩ සහිත වසරක බැගින් සිරදඬුවම් නියම කර, එම සිරදඬුවම් කාලය වසර 10කට අත්හිටුවීමට නියම කර තිබෙනවා.

අදාළ නඩු තීන්දුව අද (22) දිනයේ දී ප්‍රකාශයට පත් කරමින් අධිකරණ විනිසුරුවරයා නියෝග කළේ, ඊට අමතරව විත්තිකරුවන් දෙදෙනාට රුපියල් 25,000 බැගින් වූ දඩයක් ද නියම කළ බවයි.

එකී දඩය ගෙවීමෙන් අනතුරුව, ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන මුදා හරින ලෙසට ද අධිකරණය නියෝග කළා.

එකී විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව පවරා තිබූ නඩුව අද කැඳවූ අවස්ථාවේ දී විත්ති පාර්ශ්වය පැමිණිල්ල සහ තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විවෘත අධිකරණය හමුවේ ඇති කරගත් එකඟතාව මත, එකී මුදලින් සියයට 60ක් එනම්, නව කෝටි අසූපන්ලක්ෂයකට ආසන්න මුදලක් ගෙවීමට එකඟ වී තිබුණා.

එකී එකඟතාවට අනුව 2023 වසරේ ජූලි මස සිට රුපියල් ලක්ෂ 50 බැගින් වූ මුදල වාරික බැගින් විත්තිකරුවන් ගෙවා අවසන් කිරීමෙන් පසුව අද දින දඬුවම් නියම කිරීමට විවෘත අධිකරණයේ දී නඩුව කැඳවනු ලැබුවා.

එකී මුදල් ශ්‍රී ලංකා මහ බැංකුවට යොමු කිරීමෙන් පසුව තැන්පත්කරුවන්ට නිසි ආකාරයෙන් ගෙවීමට ක්‍රියාදාමයක් සකසන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළමු වැනි විත්තිකරු වන සක්විති රණසිංහ නමැත්තා වසර 09ක කාලයකුත්, දෙවැනි විත්තිකාරිණිය වසර දෙකක කාලයක සිට ඇප ලබාගෙන ඇති බවත්, පළමු වැනි විත්තිකරු පන්ති පවත්වා උපයාගත් මුදලින් අදාළ මුදල (රුපියල් ලක්ෂ 50) ගෙවා නිමකර ඇති බවත්, එම විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ රවීන්ද්‍ර සෙනෙරත් මහතා සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා අධිකරණයට දන්වා සිටියා.

එමෙන්ම විත්තිකරුවන්ගේ දරුවන් ඉදිරි මාසවල දී විවාහ වීමට නියමිත බැවින්, ඔවුන්ට ලිහිල් දඬුවම් ලබාදෙන ලෙසට ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
3
+1
4
+1
2
+1
18
+1
5
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?