AFC Banner
Empty Ad
Empty Ad

සංචාරයකට ආ විදෙස් ජාතිකයා ත්‍රිරෝද රථයක් තුළ දී හදිසියේ මිය ගිහින් (වීඩියෝ)

බණ්ඩාරවෙල, ඇල්ල – පුංචි සිරීපාදය නරඹා ආපසු පැමිණි විදෙස් ජාතිකයෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ගමන් කළ ත්‍රිරෝද රථය තුළදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මෙරටට පැමිණි සිටි 37 හැවිරිදි රුසියානු ජාතිකයෙක් බවයි වාර්තා වුණේ.

තම බිරිඳ හා දරුවා සමඟ මෙම විදෙස් ජාතිකයා පසුගිය 03 වනදා සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇති අතර, ඔවුන් පසුගිය 08 වනදා ඇල්ල ප්‍රදේශයට ගොස් තිබෙනවා.

එහිදී ඔවුන් මෙරටට පැමිණි පසු හඳුනාගත් තවත් රුසියානු ජාතික පවුලක් සමඟ ඊයේ (09) දිනයේ දී ඇල්ල ප්‍රදේශයේ පිහිටි පුංචි සිරීපාදය නැරඹීමට ගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඔවුන් පුංචි සිරීපාදය නරඹා යළි අල්ල නගරය වෙත පැමිණීමට ත්‍රිරෝද රථයකට ගොඩවී ඇති අතර, නගරයට පැමිණෙන අතර මඟ ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙම රුසියානු ජාතිකයා ත්‍රිරෝද රථය තුළදීම මියගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ රියදුරු ඇල්ල පොලිසිය වෙත දැනුම්දීමෙන් අනතුරුව දෙමෝදර රෝහල වෙත රුසියානු ජාතිකයා රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.

එහිදී අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා විදෙස් ජාතිකයාගේ මෘත ශරීරය බදුල්ල මහ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර ඇති අතර, අධිකරණ වෛද්‍ය පරීක්ෂණය අද (10) දිනයේ සිදු කිරීමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තම සැමියා අධික රුධිර පීඩනය වෙනුවෙන් ඖෂධ ලබාගන්නා අයෙකු බවත්, ඔහුගේ මරණය පිළිබඳව කිසිම සැකයක් නොමැති බවයි මියගිය රුසියානු ජාතිකයාගේ බිරිඳ පවසා තිබෙනවා.

අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් අපසු දේහය රුසියාව වෙත ගෙන යාමට අවශ්‍ය කටයුතු සලසන බවයි පොලිසිය සඳහන් කළේ.

https://youtu.be/cX56FafVbKU
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?