සංචාරයකට ආ විදෙස් ජාතිකයා ත්‍රිරෝද රථයක් තුළ දී හදිසියේ මිය ගිහින් (වීඩියෝ)

බණ්ඩාරවෙල, ඇල්ල – පුංචි සිරීපාදය නරඹා ආපසු පැමිණි විදෙස් ජාතිකයෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ගමන් කළ ත්‍රිරෝද රථය තුළදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මෙරටට පැමිණි සිටි 37 හැවිරිදි රුසියානු ජාතිකයෙක් බවයි වාර්තා වුණේ.

තම බිරිඳ හා දරුවා සමඟ මෙම විදෙස් ජාතිකයා පසුගිය 03 වනදා සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇති අතර, ඔවුන් පසුගිය 08 වනදා ඇල්ල ප්‍රදේශයට ගොස් තිබෙනවා.

එහිදී ඔවුන් මෙරටට පැමිණි පසු හඳුනාගත් තවත් රුසියානු ජාතික පවුලක් සමඟ ඊයේ (09) දිනයේ දී ඇල්ල ප්‍රදේශයේ පිහිටි පුංචි සිරීපාදය නැරඹීමට ගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඔවුන් පුංචි සිරීපාදය නරඹා යළි අල්ල නගරය වෙත පැමිණීමට ත්‍රිරෝද රථයකට ගොඩවී ඇති අතර, නගරයට පැමිණෙන අතර මඟ ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙම රුසියානු ජාතිකයා ත්‍රිරෝද රථය තුළදීම මියගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ රියදුරු ඇල්ල පොලිසිය වෙත දැනුම්දීමෙන් අනතුරුව දෙමෝදර රෝහල වෙත රුසියානු ජාතිකයා රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.

එහිදී අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා විදෙස් ජාතිකයාගේ මෘත ශරීරය බදුල්ල මහ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර ඇති අතර, අධිකරණ වෛද්‍ය පරීක්ෂණය අද (10) දිනයේ සිදු කිරීමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තම සැමියා අධික රුධිර පීඩනය වෙනුවෙන් ඖෂධ ලබාගන්නා අයෙකු බවත්, ඔහුගේ මරණය පිළිබඳව කිසිම සැකයක් නොමැති බවයි මියගිය රුසියානු ජාතිකයාගේ බිරිඳ පවසා තිබෙනවා.

අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් අපසු දේහය රුසියාව වෙත ගෙන යාමට අවශ්‍ය කටයුතු සලසන බවයි පොලිසිය සඳහන් කළේ.

https://youtu.be/cX56FafVbKU


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51