සංචාරක ආදායම ඉහළට

පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගෙන් ලැබුණු ආදායම ඩොලර් මිලියන 198.1ක් දක්වා ඉහළ ගොස් ඇති බව අනාවරණ වී තිබෙනවා.

එය පෙබරවාරි මාසයේ සංඛ්‍යාලේඛනවලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලර් මිලියන 28ක වැඩිවීමක්.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව, 2022 වසරේ මාර්තු මාසයේදී සංචාරක පැමිණීම් හරහා ශ්‍රී ලංකාවට ලැබී ඇත්තේ ඩොලර් මිලියන 161.2ක් පමණයි.

2023 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 529.8ක ආදායමක් උපයා තිබෙනවා.

මේ අතර, මෙම වසරේ මාර්තු මාසයේ දී සංචාරකයන් 125,495ක් මෙරටට පැමිණ ඇති අතර පෙබරවාරි මාසයේ දී මෙරටට සංචාරක පැමිණීම් 107,639ක් වාර්තා වුණා. 2022 වසරේ මාර්තු මාසයේ දී වාර්තා වී ඇත්තේ සංචාරක පැමිණීම් 106,500ක් පමණයි.

රුසියාව, ඉන්දියාව, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය මාර්තු මාසයේදී සංචාරක පැමිණීම් සඳහා ප්‍රධාන මූලාශ්‍ර රටවල් ලෙස පවතිනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව මේ වසරේ ගතවූ කාලසීමාව තුළ සංචාරකයින් 335,679ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21