සංචාරකයින්ට ගුවන්තොටේ දී ලයිසන් දෙන එකට ත්‍රීරෝද රථ රියදුරන්ගේ විරෝධය (වීඩියෝ)

දිවයිනට පැමිණෙන සංචාරකයින්ට ගුවන් තොටුපොළේදීම රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට රජය ගෙන ඇති තීරණයට
ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මානත්කරුවන්ගේ සංගමය විරෝධය පළකර සිටිනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් එල්.රෝහණ පෙරේරා සඳහන් කළේ සංචාරකයින් සඳහා මේ ආකාරයෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තුළින් සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නිරත මෙරට පුද්ගලයන්ට සහ ඔවුන්ගේ රැකියාවලට දැඩි බලපෑමක් එල්ලවන බවයි.

එමෙන්ම ඇතැම් සංචාරකයින්ට ත්‍රිරෝද රථ ධාවනයට පළපුරුද්දක් නොමැතිවීම හේතුවෙන් අනතුරු සිදුවීමට පවා වැඩි අවස්ථාවක් පවතින බව ද ලේකම්වරයා සඳහන් කර සිටියා.

දිවයිනට පැමිණෙන සංචාරකයින්ට කටුනායක ගුවන් තොටුපොළේ දී රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ඊයේ (03) දිනයේ සිට ආරම්භ වුණා.

ඒ, කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ ස්ථාපිත කළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂිත කවුළුවකින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
115
+1
1
+1
3
+1
2
+1
10
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?