සංචාරකයින්ට ගුවන්තොටේ දී ලයිසන් දෙන එකට ත්‍රීරෝද රථ රියදුරන්ගේ විරෝධය (වීඩියෝ)

දිවයිනට පැමිණෙන සංචාරකයින්ට ගුවන් තොටුපොළේදීම රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට රජය ගෙන ඇති තීරණයට
ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මානත්කරුවන්ගේ සංගමය විරෝධය පළකර සිටිනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් එල්.රෝහණ පෙරේරා සඳහන් කළේ සංචාරකයින් සඳහා මේ ආකාරයෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තුළින් සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නිරත මෙරට පුද්ගලයන්ට සහ ඔවුන්ගේ රැකියාවලට දැඩි බලපෑමක් එල්ලවන බවයි.

එමෙන්ම ඇතැම් සංචාරකයින්ට ත්‍රිරෝද රථ ධාවනයට පළපුරුද්දක් නොමැතිවීම හේතුවෙන් අනතුරු සිදුවීමට පවා වැඩි අවස්ථාවක් පවතින බව ද ලේකම්වරයා සඳහන් කර සිටියා.

දිවයිනට පැමිණෙන සංචාරකයින්ට කටුනායක ගුවන් තොටුපොළේ දී රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ඊයේ (03) දිනයේ සිට ආරම්භ වුණා.

ඒ, කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ ස්ථාපිත කළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂිත කවුළුවකින්.

  1. ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ගේ ත්‍රිරෝධ රථ කරුවන් විසින් අයත ලෙස විශාල මුදල් හයර්එ කක් සඳහා ලබා ගනු ඇත එම නිසා ඔහු කුලී රථ රැගෙන ඒමට පුරුදු වී ඇත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14