වසරක් තුළ මෙරටට පැමිණි වැඩිම විදේශීය සංචාරකයින් ප්‍රමාණයේ වාර්තාව අද (29) අලුත් වුණා.
ඒ, අද (29) පෙරවරුවේ මෙම වසරේ පැමිණි 2,333,797 වන සංචාරකයා කටුනායක ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණීමත් සමඟයි.
ඒ අනුව මෙරට ඉතිහාසයේ වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණි වර්ෂය ලෙස 2025 වර්ෂය ඉතිහාසයට එක් වුණා.
සංචාරකයින් 2,333,796ක් පැමිණ තිබූ 2018 වර්ෂය, මීට පෙර වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් දිවයිනට පැමිණි වසර ලෙසයි වාර්තා වී තිබුණේ.
ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් UL 162 ගුවන් යානයෙන් ඉන්දියාවේ තිරුවනන්තපුරම් හි සිට අද (29) පෙරවරුවේ පැමිණි, පවුලක් වන, ෆීලික්ස් ඛෙස්ලින් පෙරේරා, රීනා ප්‍රනාන්ඩුස් සහ ඈන් ක්‍රිස්ටිනා පෙරේරා මෙලෙස 2025 වර්ෂයේ සංකේතාත්මක 2,333,797 වන අමුත්තන් ලෙස පිළිගැනීමට කටයුතු කර තිබුණා.
මෙම පිළිගැනීමේ අවස්ථාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොස් සිටියා.














