AFC Banner
AFC Banner
Empty Ad

ෂීක් හසීනාට අඩු සැලකිලි – චීන සංචාරය කලින් අවසන් කර ආපසු එයි

බංගලිදේශ අගමැතිනි ෂීක් හසීනා සිය චීන සංචාරය අතරමැද නවතා සැලසුම් කළ දිනට පෙර යළි ඩකා වෙත පැමිණ තිබෙනවා.

ඒ බීජිං සිය මූල්‍ය පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වීම සහ නිසි ප්‍රොටෝකෝලයක් නොමැතිකම පිළිබඳ අතෘප්තිය හේතුවෙන් බව ani පුවත් සේවය වාර්තා කළා.

මුලින් දින හතරක සංචාරයක් සඳහා සැලසුම් කර තිබූ හසීනා බදාදා දිනක කලින් ආපසු පැමිණි අතර, එම සංචාරය සඳහා වූ ඇයගේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට නොහැකි වූ බව ද ඉකොනොමික් ටයිම්ස් වාර්තා කර තිබුණා.

අගමැතිනිය කලින් පිටව යාමට හේතු වී ඇත්තේ චීනය විසින් පොරොන්දු වූ අමෙරිකානු ඩොලර් බිලියන 5 ක ණයක් ලබා දීමට අපොහොසත් වීම නිසා ඇයගේ බලාපොරොත්තු සුන්වීම බව අදාළ වාර්තාවේ සඳහන්.

හසීනාගේ පක්ෂය වන අවාමි ලීගය, X සමාජ මාධ්‍ය වේදිකාවේ පළ කළේ චීනය යුවාන් බිලියනයක (ඩොලර් මිලියන 137.64) ආර්ථික ආධාර ලබා දීමට පොරොන්දු වූ බවයි.

රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් ද මෙම සංචාරයේ ගැටලු රැසක් තිබූ බව සඳහන්.

චීන ජනාධිපති ෂී ජින්පින් සමග හසීනාගේ ද්විපාර්ශ්වික සාකච්ඡා බලාපොරොත්තු වූවාට වඩා කෙටි වූ බව වාර්තා වනවා.

මීට අමතරව, චීන විදේශ අමාත්‍ය වැන්ග් යී හසීනා හමු වී නැති අතර එය ද ඇයගේ අතෘප්තියට හේතු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?