ෂීක් හසීනාට අඩු සැලකිලි – චීන සංචාරය කලින් අවසන් කර ආපසු එයි

බංගලිදේශ අගමැතිනි ෂීක් හසීනා සිය චීන සංචාරය අතරමැද නවතා සැලසුම් කළ දිනට පෙර යළි ඩකා වෙත පැමිණ තිබෙනවා.

ඒ බීජිං සිය මූල්‍ය පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වීම සහ නිසි ප්‍රොටෝකෝලයක් නොමැතිකම පිළිබඳ අතෘප්තිය හේතුවෙන් බව ani පුවත් සේවය වාර්තා කළා.

මුලින් දින හතරක සංචාරයක් සඳහා සැලසුම් කර තිබූ හසීනා බදාදා දිනක කලින් ආපසු පැමිණි අතර, එම සංචාරය සඳහා වූ ඇයගේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට නොහැකි වූ බව ද ඉකොනොමික් ටයිම්ස් වාර්තා කර තිබුණා.

අගමැතිනිය කලින් පිටව යාමට හේතු වී ඇත්තේ චීනය විසින් පොරොන්දු වූ අමෙරිකානු ඩොලර් බිලියන 5 ක ණයක් ලබා දීමට අපොහොසත් වීම නිසා ඇයගේ බලාපොරොත්තු සුන්වීම බව අදාළ වාර්තාවේ සඳහන්.

හසීනාගේ පක්ෂය වන අවාමි ලීගය, X සමාජ මාධ්‍ය වේදිකාවේ පළ කළේ චීනය යුවාන් බිලියනයක (ඩොලර් මිලියන 137.64) ආර්ථික ආධාර ලබා දීමට පොරොන්දු වූ බවයි.

රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් ද මෙම සංචාරයේ ගැටලු රැසක් තිබූ බව සඳහන්.

චීන ජනාධිපති ෂී ජින්පින් සමග හසීනාගේ ද්විපාර්ශ්වික සාකච්ඡා බලාපොරොත්තු වූවාට වඩා කෙටි වූ බව වාර්තා වනවා.

මීට අමතරව, චීන විදේශ අමාත්‍ය වැන්ග් යී හසීනා හමු වී නැති අතර එය ද ඇයගේ අතෘප්තියට හේතු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52