ශූරයින්ගේ කුසලානයේ දී ඇෆ්ගනුන් සමග ක්‍රීඩා නොකරන ලෙසට දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට ඉල්ලීම්

එළඹෙන ශූරයින්ගේ කුසලාන තරගාවලියේ දී දකුණු අප්‍රිකාවට ඇෆ්ගනිස්තානය සමග ක්‍රීඩා නොකරන ලෙසට එරට ක්‍රීඩා අමාත්‍ය ගේටන් මැකෙන්සි ඉල්ලා සිටිනවා.

ඇෆ්ගනිස්තානය තුළ කාන්තාවන්ට සිදුවන ප්‍රචණ්ඩත්වය සහ කාන්තා හිංසනයට එරෙහිවයි දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ.

ඇෆ්ගනිස්ථානය තුළ තලේබාන් ක්‍රියාකාරීන්ගේ පීඩනය මධ්‍යයේ එරට කාන්තාවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් පවා අහිමි ව ගොස් තිබෙනවා.

අධ්‍යාපනය ලැබීම, ක්‍රීඩා දක්ෂතා ඔප් නංවා ගැනීම, රිසි සේ සාහිත්‍ය වැඩ කටයුතු කිරීම ආදි කිසිවක් ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට සිදු කිරීමට තලේබාන්වරුන්ගෙන් අවසරයක් ලැබී නැහැ.

දකුණු අප්‍රිකානු ක්‍රීඩා අමාත්‍යවරයාට අනුව ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට එරෙහිව පවතින හිංසනය හුදෙක් කුහකත්වය සහ දුරාචාරමය සිද්ධියක් බවටයි පවසා ඇත්තේ.

එබැවින් 2025 පෙබරවාරි මස 21 වැනි දින කරච්චි හි දී පැවැත්වෙන මූලික වටයේ ආරම්භක තරගයට ඇෆ්ගනිස්ථානය සමග කිසිසේත් ම ක්‍රීඩා නොකරන්නේ නම් වඩාත් සුදුසු බවයි දකුණු අප්‍රිකානු ක්‍රීඩා අමාත්‍යවරයා දැනුම්දී ඇත්තේ.

නමුත් අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු ක්‍රීඩා බලධාරින්ගෙන් මෙතෙක් නිල පිළිතුරක් හිමිව නැහැ.

කෙසේවෙතත් අදාළ තීන්දුව සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ද විරුද්ධත්වයක් එල්ල නොවනු ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම සතිය මුල දී, බ්‍රිතාන්‍ය දේශපාලනඥයන් 160 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පෙබරවාරි 26 වන දින ලාහෝර් හි ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැත්වෙන තරගය වර්ජනය කරන ලෙස එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ද ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

මෙම ස්ථාවරය බ්‍රිතාන්‍යය අගමැති කීර් ස්ටාර්මර් විසින් ද පිළිගනු ලැබූ අතර, ඔහු ICC යෙන් ඉල්ලා සිටියේ “තමන්ගේම නීතිරීති” ලබාදෙන ලෙසයි.

එහි සඳහන් වන්නේ සියලුම ආකෘතියේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටකට ජාතික පිරිමි කණ්ඩායමක් සහ කාන්තා කණ්ඩායමක් ද තිබීම නියත වශයෙන් ම සිදු විය යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?