ශූරයින්ගේ කුසලානයේ දී ඇෆ්ගනුන් සමග ක්‍රීඩා නොකරන ලෙසට දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට ඉල්ලීම්

එළඹෙන ශූරයින්ගේ කුසලාන තරගාවලියේ දී දකුණු අප්‍රිකාවට ඇෆ්ගනිස්තානය සමග ක්‍රීඩා නොකරන ලෙසට එරට ක්‍රීඩා අමාත්‍ය ගේටන් මැකෙන්සි ඉල්ලා සිටිනවා.

ඇෆ්ගනිස්තානය තුළ කාන්තාවන්ට සිදුවන ප්‍රචණ්ඩත්වය සහ කාන්තා හිංසනයට එරෙහිවයි දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ.

ඇෆ්ගනිස්ථානය තුළ තලේබාන් ක්‍රියාකාරීන්ගේ පීඩනය මධ්‍යයේ එරට කාන්තාවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් පවා අහිමි ව ගොස් තිබෙනවා.

අධ්‍යාපනය ලැබීම, ක්‍රීඩා දක්ෂතා ඔප් නංවා ගැනීම, රිසි සේ සාහිත්‍ය වැඩ කටයුතු කිරීම ආදි කිසිවක් ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට සිදු කිරීමට තලේබාන්වරුන්ගෙන් අවසරයක් ලැබී නැහැ.

දකුණු අප්‍රිකානු ක්‍රීඩා අමාත්‍යවරයාට අනුව ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට එරෙහිව පවතින හිංසනය හුදෙක් කුහකත්වය සහ දුරාචාරමය සිද්ධියක් බවටයි පවසා ඇත්තේ.

එබැවින් 2025 පෙබරවාරි මස 21 වැනි දින කරච්චි හි දී පැවැත්වෙන මූලික වටයේ ආරම්භක තරගයට ඇෆ්ගනිස්ථානය සමග කිසිසේත් ම ක්‍රීඩා නොකරන්නේ නම් වඩාත් සුදුසු බවයි දකුණු අප්‍රිකානු ක්‍රීඩා අමාත්‍යවරයා දැනුම්දී ඇත්තේ.

නමුත් අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු ක්‍රීඩා බලධාරින්ගෙන් මෙතෙක් නිල පිළිතුරක් හිමිව නැහැ.

කෙසේවෙතත් අදාළ තීන්දුව සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ද විරුද්ධත්වයක් එල්ල නොවනු ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම සතිය මුල දී, බ්‍රිතාන්‍ය දේශපාලනඥයන් 160 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පෙබරවාරි 26 වන දින ලාහෝර් හි ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැත්වෙන තරගය වර්ජනය කරන ලෙස එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ද ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

මෙම ස්ථාවරය බ්‍රිතාන්‍යය අගමැති කීර් ස්ටාර්මර් විසින් ද පිළිගනු ලැබූ අතර, ඔහු ICC යෙන් ඉල්ලා සිටියේ “තමන්ගේම නීතිරීති” ලබාදෙන ලෙසයි.

එහි සඳහන් වන්නේ සියලුම ආකෘතියේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටකට ජාතික පිරිමි කණ්ඩායමක් සහ කාන්තා කණ්ඩායමක් ද තිබීම නියත වශයෙන් ම සිදු විය යුතු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට තද වැසි - වතු නිවාස රැසක් යටවෙයි
01:03
Video thumbnail
විපක්ෂ නායක සජිත් ICRC නියෝජිත ප්‍රධානීන් හමුවෙයි
00:47
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25