ශූරයින්ගේ කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දියාවට ලකුණු 265ක ඉලක්කයක්

ශූරයින්ගේ කුසලානයේ පළමු අවසන් පූර්ව වටය අද (04) ආරම්භ වුණු අතර මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ඉන්දීය කණ්ඩායමට ඔස්ට්‍රෙලියාවෙන් ලකුණු 265ක ඉලක්කයක් හිමි වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ නායක ස්මිත් පළමුව පිතිකරණය ඇරඹි අතර ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 264ක් ලබා ගත්තා.

මුල් පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියත් ක්‍රමයෙන් සිය කණ්ඩායමේ ලකුණු පුවරුව ගොඩනැගූ නායක ස්ටීවන් ස්මිත් ලකුණු 73ක් ලබා සිටියදී මොහොමඩ් ශමිගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

පන්දු රැකීමේදී මෙන් ම පිතිකරණයෙන් ද කවදත් දස්කම් පානා ඇලෙක්ස් කේරී දුවද්දී දැවී යාමකට හසුවන විට ඔහුගෙන් ඔස්ට්‍රෙලියානු ලකුණු පුවරුවට එක්ව තිබූ ලකුණු සංඛ්‍යාව 61ක්

ට්‍රවිස් හෙඩ් ලකුණු 39 යි.

මාර්නස් ලබුශේන්ග් ලකුණු 29ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී මොහොමඩ් ශාමි කඩුලු 03ක් බිඳ හෙලුවා.

වරුන් චක්‍රවර්තී සහ ජඩේජා එක් ව කඩුලු දෙක බැගින් බිඳ දැමූ අතර එක් කඩුල්ල බැගින් හර්දික් පාණ්ඩ්‍යා සහ අක්සාර් පටෙල් ඉදිරියෙන් ලියැවුණා.

ඒ අනුව මාර්තු 09 වැනි දින පැවැත්වෙන චැම්පියන්ස් කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන පළමු කණ්ඩායම බවට පත්වීමේ භාග්‍යය උදා කරගැනීමට නම් ඉන්දියාව ලකුණු 265ක් ලබාගත යුතු වනවා.

තරගය පැවැත්වෙන්නේ ඩුබායි හි දී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03