අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ත වී ඇති බවට මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් පැතිර යනවා.
මෙම පුවත සම්බන්ධයෙන් අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන්ගෙන් අප විමසීමක් කළා.
එහිදී ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් සඳහන් කළේ එම පුවත අසත්‍ය බවයි.
එමෙන්ම අප කළ සොයා බැලීමේ දී ජාත්‍යන්තර මධ්‍යයේ ද ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පිළිබඳව එවැනි පුවතක් වාර්තා වී තිබුණේ නැහැ.
කෙසේ වෙතත් වතිකානුව ඊයේ (23) නිවේදනය කළේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තවමත් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1