AFC Banner
Empty Ad
Empty Ad

ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන් – ප්‍රතිඵල දින 40ක් තුළ

2024 වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15) දහවල් සාර්ථකව අවසන් වූ බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

අද (15) දහවල් විභාග දෙපාර්තමේන්තුවේ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී විභාග කොමසාරිස්වරයා මේ බව සඳහන් කළා.

ඒ, අනුව අද අවසන් වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දින 40ක් තුළ නිකුත් කිරීමට බලාපොරොත්තුවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර අද පැවති විභාගයේ දී දරුවෙකුට යම් ආසාධාරණයක් හෝ ගැටළුවක් ඇති වී ඇත්නම් ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දෙන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.

එමෙන්ම විභාගය පැවැත් වූ කාලසීමාව තුළ ගැටලුකාරී සිද්ධීන් කිසිවක් විභාග මෙහෙයුම් කාර්යාලය වෙත ලැබී නොමැති බව ද විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළා.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 323,841ක් පෙනී සිටි අතර, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,849 කදී විභාගය පැවැත් වුණා.

එමෙන්ම විභාග කොමසාරිස් ජෙනරාල්වරයා පැවසුවේ මහරගම අපේක්ෂා රෝහලේ ද විශේෂ විභග මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
19
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?