ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් 20ට පෙර

අද (10) දිනයේ පැවැති 2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල එළැඹෙන සැප්තැම්බර් 20 වනදාට පෙර නිකුත්කිරීමට හැකිවනු ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි පවසනවා.

මේ අතර විභාග ඇගයීම් කටයුතු හෙට (11) සිට දිවයින පුරා මධ්‍යස්ථාන 43 කදී ආරම්භ කරන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,787ක දී පැවැත් වූ අතර, එහිදී අයදුම්කරුවන් 307,951 දෙනෙක් පෙනී සිටියා.

මෙවර විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් අයදුම්කරුවන් 231,638ක් පෙනී සිටි අතර, දෙමළ මාධ්‍යයෙන් අයදුම්කරුවන් 76,313ක් සුදුකම් ලබා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
9
+1
2
+1
0
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?