ශානි අබේසේකර ගොනු කළ පෙත්සමක් කැඳවීමට දින දෙයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න ඇතුළු එම කොමිසම සාමාජිකයන් එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල ඔක්තෝම්බර් මස 11 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

එම පෙත්සම අද (18) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායාස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ මෙම පෙත්සමට අදාළව සිතාසි නිකුත් කළ විනිසුරු මඩුල්ල වන අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම ඔක්තෝබර් මස 11 වනදා කැඳවන ලෙසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ගොනු කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසමේ සභාපති උපාලි අබේරත්න, සාමාජිකයින් වන චන්ද්‍රා ජයතිලක සහ චන්ද්‍රා ප්‍රනාන්දු යන අයට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබුණා.

එම සිතාසි නිකුත් කළ ආකාරය නීතියට පටහැනි බවත් ඒ සම්බන්ධයෙන් විරෝධතා ගොනු කර තිබෙන බවත් උපාලි අබේරත්න ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් අධිකරණයට දැනුම් දුන්නා.

මෙහිදී ශානි අබේසේකර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හස්තික දේවේන්ද්‍ර අධිකරණය හමුවේ කරුණු දක්වමින් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබෙන අවස්ථාවක වගඋත්තරකරුවන් අධිකරණයට නොපැමිණ මේ ආකාරයෙන් විරෝධතා ගොනු කිරීම අධිකරණ ක්‍රියා පටිපාටිය අවභාවිතාවට ලක් කිරීමක් බවට චෝදනා කළා.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම ලබන මස 11 වනදා කැඳවීමට නියම කළ අතර එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසත් පාර්ශවකරුවන්ට නියෝග කර සිටියා.

තමන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුත්තක් ඉදිරියට පවත්වාගෙන නොයන බවට දේශපාලන පළිගැනීම් කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් මීට පෙර අභියාචනාධිකරණයට ලබාදුන් පොරොන්දුවක් උල්ලංඝනය කිරීම තුළින් ඔවුන් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කොට ශානි අබේසේකර විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?